ආණ්ඩුවේ ප්‍රධාන වැඩපිළිවෙලකට එරෙහිව පොහොට්ටු නායක මහින්දගෙන් විශේෂ නිවේදනයක් !

වත්මන් ආණ්ඩුව ගෙනයන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙලට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස කිහිපයක් පමණක් බැවින් ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු තීරණ සහ පියවර අත්හිටුවිය යුතු බවයි රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් ආණ්ඩුවට යෝජනා කර ඇත්තේ.

ඊළඟ ජනාධිපතිවරණය ජයගන්නා පාර්ශ්වයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ සහ ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බව ඒ මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...