ඇත්ත තමයි ජනතාව දැඩි පීඩාවෙන්, ඒත් ලෝකෙ ලාබෙටම ඉන්ධන විකුණන්නෙ අපි – එස්.බී.

Date:

ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව, ආණ්ඩුව හොඳින් තේරුම් ගෙන ඇති බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. පීඩාවට පත්ව සිටින ජනතාව හැකි උපරිම සහන ලබාදීමට ආණ්ඩුව සෑම උත්සාහයක්ම ගන්නා බවත්, ඒ අනුව ඉදිරි කාලය තුළදී ජනතාව විඳින පීඩා අවම වනු ඇති බවත් ඇමතිවරයා සඳහන් කරයි.

බඩුමිල වැඩි වීම සහ ආර්ථික පීඩනය ශ්‍රී ලංකාවට පමණක් අදාල වන තත්වයක් නොවන බවත්, සමස්ත ලෝකයම ආර්ථිකමය වශයෙන් කඩාවැටීමකට ලක්ව ඇති බවත් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ලෝකයේ ඇතැම් රටවල බඩුමිල වැඩිවීමට සාපේක්ෂව මෙරට තත්වය පිළිබඳව යම් තරමකින් හෝ සතුටු විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා. ඩීසල්, පෙට්‍රල්, ගෑස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තවමත් වෙනත් බොහෝ රටවලට වඩා අඩු මිලට ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන බවත්, ආසියාවේ අඩුම මිල තිබෙන්නේ මෙරට තුළ බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...