*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

කවුරු නොගියත් මම යනවා – රනිල් ප්‍රසිද්ධියේම කියයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට කවුරුන් නොගියත් තමන් සහභාගී වන බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් යුතුව මෙම සමුළුව හෙට (23) දිනයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊයේ දිනය වනවිටම මීට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබිණි.

එසේවෙතත් එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය මීට සහභාගී වීමට තීරණය කර තිබේ.

චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 43 වැනි සේනාංකය ද වෙනම දේශපාලන පක්ෂයක් ලෙස සලකා ඔවුන්ට ද වෙනම ආරාධනා පත්‍ර යොමුකර ඇති අතර ඔවුන්ගෙන් බහුතරයකගේ ද තීරණය වී ඇත්තේ මීට සහභාගී වීම සුදුසුය යන්න බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය. සමගි ජන බලවේගයෙහි සාමාජික දේශපාලන කණ්ඩායමක් වශයෙන් එහි සාමුහික තීරණය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින නමුත් චම්පික රණවක මහතාගේ මතය වී ඇත්තේ ද මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගී විය යුතුය යන්න බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර, මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමේ වැදගත්කම රනිල් වික්‍රමසිංහ මහතා සිය සමීපතමයින් පිරිසක් සමග තරයේම අවධාරණය කර ඇති බවත් වාර්තා විය. “මොන ප්‍රශ්නය තිබුණත් අපට දේශපාලනය කරන්න රටක් තියෙන්න ඕනෙ. මෙතන තියෙන්නේ රට පිළිබඳ ප්‍රශ්නයක් මිසක් දේශපාලනයක් නෙවෙයි. ඒ නිසා කවුරු නොගියත් මම සර්ව පාක්ෂික සමුළුවට යනවා” යැයි වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan