තාවකාලික පදිංචිකරුවන් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම හා පරීක්ෂා කිරීමේ මෙහෙයුමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 13, කොළඹ (LNW): දිවයින පුරා විවිධ ආකාරයේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයින් ස්ථිර පදිංචි පොලිස් වසම් වලින් බැහැරව කුලී නිවාස සහ කුලී කාමර වල රැදී සිටිමින් නීතිවිරෝධී කටයුතු වල නිරතවන බවට නිරීක්ෂණය වී ඇති අතර, මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි 2024.05.11 සහ 12 යන දෙදින තුළ පොලිස් ආඥා පනතේ 76 වගන්තිය යටතේ එක් එක් ග්‍රාම නිළධාරි වසම් වල තාවකාලික පදිංචිකරුවන් සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම හා පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව පැවසේ.

ඒ අනුව,දිවයින පුරා කුලී හා බදු පදනම මත ලබාගත් නිවාස වල පදිංචි පවුල් 37,183 ක පුද්ගලයින් 112,963 දෙනෙකුද, කුලී හා බදු පදනම මත ලබාගත් කාමර වල පදිංචි පවුල් 10,755 ක පුද්ගලයින් 34,133 දෙනෙකුද, නිවාස, ආයතන වල මුරකරුවන්, ගෘහ සේවක/ සේවිකාවන්/ සාත්තු සේවිකාවන් ලෙස තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින් 31,517 දෙනෙකුගේ ඇතුළු පුද්ගලයින් 178,600 කට අධික පිරිසකගේ තොරතුරු රැස් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම ⁣එක් එක් පුද්ගලයින් අපරාධ වලට සම්බන්ධ වී ඇත්ද යන්න පිළිබඳව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් නියාමනය කිරී⁣මේ දත්ත පද්ධතිය (Arrested Monitoring Information System – AMIS), ස්වයංක්‍රීය ඇගිලි සලකුණු හදුනාගැනීමේ පද්ධතිය (Automated Fingerprints Identification System – AFIS) පද්ධති වෙත යොමු කර වාර්තා ලබාගැනීමටත්, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දත්ත පද්ධතිය යොමු කිරීමටත් කටයුතු කර ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවද පොලිසිය සදහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය