(VIDEO):ප්‍රජා උපදේශන කමිටු යෝජනාවෙන් පාර්ලිමේන්තුව ඇවිලෙයි.දයාසිරි දිනේෂ් එක්ක දරුණු පැටලිල්ලක!

කොළඹ LNW:ජනාධිපති ලේකම් විසින් නිකුත් කර තිබෙන සියලුම පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශන කමිටු පත් කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ගැන අද (13) පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධානය යොමුකරමින් එමඟින් අත්හිටුවා තිබෙන පළාත් පාලන මැතිවරණයට සිදුවන අහිතකර බලපෑම සමබන්ධයෙන් කරුණු දැක්වීය.

එම චක්‍ර ලේඛය හරහා දනට වසා දමා තිබෙන පළාත් පාලන ආයතන වල දොර ඇර ගැනීමට දරන උත්සහයක් ලෙසයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ නීති රීති එමඟින් උල්ලංඝනය වන බවද මන්ත්‍රීවරයා කියාසිටියේය.

වහාම පළාත් පාලන මැතිවරණය පවත්වා එය අවසන් කරන ලෙසයි එහිදී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේ.

මෙම කරණයට පිළිතුරු දෙමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේ ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛයෙන් දයාසිරි ජයසේකර මහතා පවසන ආකාරයේ වරදක් නොවන බවයි.

කෙසේවෙතත් දෙපාර්ශවයේම මෙම කරුණු දැක්වීම් ඉතා උණුසුම් තත්ත්වයක පැවතුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...