අල්ලස් චෝදනා එල්ල කරමින් ප්‍රාදේශීය ලේකම් තැබූ ෆේස්බුක් සටහන ගැන පරීක්ෂණයක්!

Date:

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකුට අල්ලස් චෝදනා එල්ල කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයෙකු විසින් ෆේස්බුක් සටහනක් තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) ලිඛිතව දන්වා ඇත.

ප්‍රාදේශීය ලේකම්වරයා සිය ෆේස්බුක් සටහනේ සඳහන් කර ඇත්තේ තමාට ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයකු යැයි කියා ගන්නා පුද්ගලයකුගෙන් තමාගේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පදිංචි පුද්ගලයකුගේ අංකය ඉල්ලා ඇමතුමක් ලැබුණු බවයි. එම පුද්ගලයාට පසුගියදා ඔහුගේ ඉඩම රජයට පවරා ගැනීමෙන් පසු රු.රුපියල් මිලියන 5 ක වන්දියක් ලබාදෙන බවය . නමුත් මාධ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රාදේශිය ලේකම්වරයාට දන්වා තිබුණේ වන්දි මුදල් ලබාදීමට එරෙහිව තමන්ට පෙත්සමක් ලැබී ඇති බවත් පරීක්ෂණයක් අවසන් වනතුරු එම වන්දි මුදල අත්හිටුවන ලෙසත්ය.

මෙම කාරණය ප්‍රාදේශීය ලේකම්වරයාට කරදරයක් වී ඇති අතර, ඔහු පෙත්සමේ පිටපතක් තමාට එවන ලෙස ඇමතුම්කරුගෙන් ඉල්ලා සිටියේය. වන්දි ප්‍රදානය කළ පුද්ගලයාගේ සම්බන්ධතා තොරතුරු ඔහු සතුව තිබුණද ඔහු ඒවා ජනාධිපති කාර්යාලයේ නිලධාරියාට ලබා දී නැත. කෙසේ වෙතත්, ඔහු ඉක්මනින්ම තම ඉඩමට වන්දි ලබා දුන් පුද්ගලයාට කතා කර කරුණු විමසා සිටියේය. එම පුද්ගලයා තම ඉඩමට වන්දි ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ එම නිලධාරියා හමුවී ඇති බව ඔහුට දන්වා ඇත. පසුව ප්‍රාදේශීය ලේකම්වරයා එම පුද්ගලයාට මාධ්‍ය අධ්‍යක්ෂවරයාගේ අංකය ලබා දී ඔහුට අවශ්‍ය කුමක්දැයි දැන ගැනීමට එම පුද්ගලයාට කතා කරන ලෙස ඉල්ලා සිට ඇත.

වන්දි මුදල් ලැබුණු පුද්ගලයා ටික වේලාවකට පසු නැවත කතා කර ප්‍රාදේශීය ලේකම්වරයාට පැවසුවේ “එයා (මාධ්‍ය අධ්‍යක්ෂ) මගෙන් වන්දි මුදල් කප්පාදුවක් ඉල්ලනවා” යනුවෙනි. ප්‍රාදේශීය ලේකම්වරයා එම පුද්ගලයාට පවසා ඇත්තේ රජය තම ඉඩමට වන්දි ලබාදී ඇත්තේ සම්පූර්ණ තක්සේරුවක් මත බවත් එම මුදලින් ශතයක්වත් කිසිවෙකුට නොදෙන ලෙසයි. “ජනාධිපතිතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරු ප්‍රාදේශීය ලේකම්වරු අතකොළු කරගෙන අල්ලස් ඉල්ලන මට්ටමට දියුණු වෙලා” යැයි ප්‍රාදේශීය ලේකම්වරයා සිය සටහන අවසන් කළේය.

අල්ලස් ඉල්ලූ බවට චෝදනා එල්ල වී ඇති මාධ්‍ය අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට අවශ්‍ය ඇති අතර, අදාළ බලධාරීන්ට නිල පැමිණිල්ලක් කළ බව උසස් නිලධාරියෙක් පැවසීය. “මේ විදිහට දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මේවාට අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් තියෙනවා, මෙය සමාජ මාධ්‍ය වෙත දැමීම ඉතාමත් බාල ඵත් ක්‍රියාවක් ”ඔහු පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...