මේස පන්දුත් ඔලිමිපික් උත්සාහයක

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 14, කොළඹ (LNW): නේපාලයේ පැවත්වෙන මේස පන්දු ක්‍රීඩාවෙන් ඔලිමිපික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන චමීර ගිනිගේ,ප්‍රසාද් ජයසංඛ,ඉෂාරා මධුරංගි සහ බිමන්දි බණ්ඩාර හෙට අවසාන පූර්ව තරග නියෝජනය කරන්නට සුදුසුකම් ලබා සිටිනවා.මෙම තරගාවලියේ ජයග්‍රාහකයාට ඔලිම්පික් සුදුසුකම් හිමිවනු ඇත.


ඉන්දියාව සුදුසුකම් ලබා ඇති බැවින් මේ තරගාවලිය නියෝජනය නොකරන අතර සහභාගි වන අනිත් දකුණු ආසියාතික රටවල් සමඟ වූ තරගවලදී මූලික වටයේ දී ශ්‍රී ලංකාවේ ක්‍රිඩකයින් දෙදෙනා සහ ක්‍රීඩිකාවන් දෙදෙනා නේපාල ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවක් අතින් ද,මාල දිවයින ක්‍රීඩිකාවක් අතින් ද පරාජයට පත් වුණා.


හෙට අවසාන තරගවලදී මේ ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් එකට තරග වඳින අතර නේපාලය නියෝජනය කරන ශ්‍රේෂ්තා සන්තෝ චමීර ගිනිගේට එරෙහිවත්,ශ්‍රී ලංකාවේ ජයසංඛ සහ නේපාලයේ කපාලි සැන්යොග් ද මෙසේ පිරිමි අවසාන පූර්ව තරගවලදී මුණ ගැසෙන්නට නියමිතයි.කාන්තා අංශයේ ඉෂාරා මධුරංගි ගේ ප්‍රතිවාදිනිය වන්නේ මාල දිවයින ක්‍රීඩිකා අලි ෆාතිමාත් වන අතර නේපාලවේ තාපා එවානා ශ්‍රී ලංකාවේ බිමන්දි බණ්ඩාරට එරෙහිව තරග වඳිනවා.


මෙම තරගාවලියේ අවසාන තරගත් හෙටම පැවත්වෙන අතර මූලික වටයේ පරාජයන් ලැබු නමුත් ටේබල් ටෙනිස් ඉතිහාසයට අනුව ගත් විට නම් ශ්‍රී ලංකාව මාල දිවයින සහ නේපාලය අභිබවා සිටින රටක් බැවින් හෙට අවසාන තරගවලදී ඔලිම්පික් සුදුසුකම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට ලැබෙන්නට ඉඩ තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...