ජවිපෙන් අපට කිසිම අභියෝගයක් නෑ. ඡන්ද ප්‍රතිඵල ගනිද්දී බලාගන්න පුළුවන් – මහින්දානන්ද

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට ජනතා විමුක්ති පෙරමුණෙන් කිසිදු අභියෝගයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

“කිසිම අභියෝගයක් නෑ ජනතා විමුක්ති පෙරමුණ. ඒක මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ගනින කොට බලාගන්න පුළුවන්. අපි ඉතාම සුබවාදීයි. ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරනවා, සෑම සතියකට වරක්ම පක්ෂයේ නියෝජිතයින් සමග සාකච්ඡා කරනවා. ජනාධිපති මැතිවරණය තීරණය කළාම පක්ෂයෙන් අපේක්ෂකයෙක් දානවාද, නැත්නම් පොදු අපේක්ෂකයාට සහයෝගය දෙනවාද කියලා පක්ෂයෙන් තීරණය කරනවා”

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...