රුසියානු – යුක්‍රේන යුද කටයුතු සඳහා විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් යැවීම ගැන සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් රුසියාවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 16, කොළඹ (LNW): ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්, යුද කටයුතු සඳහා මෙරට විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන් යොමු කිරීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් රුසියාවට යවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසූවේ.

” මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව සංගණනයක් සිදු කරමින් සිටිනවා. ඇතැම් ලාංකිකයන් රුසියාවට යවා තිබෙන්නේ සංචාරක වීසා මඟින් බව ද මේ වන විට හෙළිවී තිබෙනවා. එසේම ඒ අතරින් විශාල පිරිසක් මෙරට ත්‍රිවිධ හමුදා නියෝජනය කළ විශ්‍රාමික හමුදා සාමාජිකයන් වනවා. මෙහිදී අපට තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ කොපමණ ප්‍රමාණයක් රුසියාවට ගොස් සිටිනවාද යන්නයි. නිල නොවන ආරංචි මාර්ගවලට අනුව 600-800ක අතර ප්‍රමාණයක් රුසියාවේ සිටින බවට වාර්තා වී තිබෙනවා. ඇතැම් විට එම ප්‍රමාණය මීට වඩා අඩු හෝ වැඩි විය හැකියි.

කෙසේ වෙතත් රජයක් වශයෙන් රුසියාවේ සිටින මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් සම්බන්ධව ගත යුතු සෑම පියවරක්ම මේ වන විට ගෙන තිබෙන බව සඳහන් කළ යුතුයි. මෙහිදී රුසියාවේ යුද්ධයට මැදි වී සිටින පිරිස් සම්බන්ධව දැනුම්වත් කිරීම ගැන මාධ්‍ය ආයතන වෙත විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම පිරිස් රුසියාවේ රැඳී සිටින ප්‍රදේශ පිළිබඳවත් නිශ්චිත තොරතුරු වාර්තා නොවීමත් අපට බරපතල ගැටලුවක් වී තිබෙනවා.

අපට දැන ගන්නට තිබෙන තොරතුරුවලට අනුව ජාවාරම්කරුවන් ‘‘රුසියානු පුරවැසිභාවය ලබාදීම’’ වැනි බොරු පොරොන්දු ඇතුළත් ප්‍රචාර හරහා මේ පිරිස් රුසියාවට ගෙන්වා ගෙන තිබෙනවා. සම්පූර්ණයෙන්ම මෙය මිනිස් ජාවාරමක්. මේ ජාවාරමට ඉහළ හමුදා නිලධාරියෙක් සම්බන්ධ බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා. පළමුවෙන්ම ඇත්ත තත්ත්වය පෙන්වා දී තවදුරටත් රුසියාවට පිරිස් යැවීම නතර කළ යුතුයි. ඉන් අනතුරුව එහි ගොස් සිටින පිරිස් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර, යළි මෙරටට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් රජයක් වශයෙන් අප උපරිම උත්සාහ දරනවා.

විදේශ කටයුතු අමාත්‍යවරයා විදෙස්ගතව සිටියත් රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දූත පිරිසක් කඩිමින් රුසියාවට යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් දූත පිරිසක් රුසියාවට යැවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සම්බන්ධව රුසියානු තානාපති කාර්යාලය නිල වශයෙන් දැනුවත් කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...