ආහාර දීමේ වැඩසටහනෙන් පසු දරුවන්ගේ පාසල් පැමිණීම වැඩි වෙලා!

කොළඹ LNW:දිවා ආහාර ලබා දීමේ වැඩපිළිවෙල සමග ප්‍රාථමික පාසල්වල සහ සිසුන් 100 ට අඩු පාසැල්වල සිසුන් පාසැලට පැමිණීමේ වර්ධනයක් සිදුවී ඇත්දැයි සොයාබලා වාර්තාවක් හා ආහාර ලබා දෙන ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් ප්‍රමාණය හා සිසුන් 100 ට අඩු පාසැල්වලට අදාළව ආහාර ලබා දෙන සිසුන් ප්‍රමාණ පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබේ.

එයට අමතරව සමස්ත වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක්ද ලබා දෙන ලෙසද කාරක සභා සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

පාසල් ළමුන්ට ලබාදෙන දිවා ආහාර වේල සම්බන්ධ අවධානය යොමු කළ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වූයේ රජයේ පාසල්වක ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා ආහාර ලබා දීම 2024 වසරේදී ලක්ෂ 11 සිට ලක්ෂ 16 දක්වා ඉහළ ගොස් ඇති බව ය. ඒ අනුව එක් දරුවෙකු සඳහා මෙහිදී වෙන් කෙරෙන මුදල රු. 80 සිට රු. 110 ක් දක්වා වැඩි කර තිබේ.

මිට අදාළ ආහාර වේලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ද නිර්ණායක සකස් කර ඇති අතර ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ සම්බන්ධ පසු විපරම් සිදු කිරීම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කලාප අධ්‍යාපන කොට්ඨාස නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙතින් සිදුකෙරෙන බව ද කාරක සභාවේ දී අනාවරණය විය.

පසුගිය සමයෙහි දී පාසල් සිසුන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව වාර්තා වූ බවත්, මෙම ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව දරුවන්ගේ පාසල් පැමිණීම වැඩිවී ඇති බවත් ප්‍රකාශ විය.

පාසල් ළමුන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රු. බිලියන 16.6 ක් වැයවන නමුත් තවත් රු. බිලියන 4 ක පමණ අඩුවක් පවතින බව ද ප්‍රකාශ වී පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා ආධාර ලබාදීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල කැමැත්තකින් පසුවන නමුත්, සෘජුව රජය වෙත මෙම ආධාර ලබාදීමට ඔවුන් නොකැමැත්තක් දක්වන බව සභාපතිවරයා මෙහිදී පැවසීය.

ගුරුදෙගුරු සමිති, පාසල් සංවර්ධන සමිති වැනි පාර්ශවයක් වෙත එම ආධාර ලබාදීම සඳහා නීතිමය බාධාවක් තිබේද යන්න සොයාබලන ලෙස ද හෙතෙම උපදෙස් දුන්නේ ය. එසේම, සමාජ මාධ්‍ය පාදක කරගෙන පැමිණිලි භාර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස උපදෙස් දුන් සභාපතිවරයා වට්ස්ඇප් මගින් ලබා දෙන ආහාර වේලේ ප්‍රමිතිය පිළිබඳ නිතිපතා වාර්තා කිරීම වැනි ක්‍රමවේදයක් භාවිතා කරන ලෙස ද, ප්‍රකාශ කළේ ය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...