එක්සත් රාජධානිය ඉන්දිය කුළුබඩු දැඩි පරික්ෂාවකට ලක් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය සන්නාම දෙකක් වන MDH සහ Everest යන කුළුබඩු නිෂ්පාදන වල එතිලීන් ඔක්සයිඩ් ඇතුළු පළිබෝධනාශක අපද්‍රව්‍ය සඳහා අමතර පාලන ක්‍රම යොදවා ඇති බවට ඊයේ(15)දිනයේදී එක්සත් රාජධානියේ ආහාර ප්‍රමිති ඒජන්සිය (FSA) ප්‍රකාශ කිරීමත් සමඟ මෙම කුළුබඩු දැඩි පරික්ෂාවට ලක් කෙරෙන බව වාර්තා වේ.

හොංකොං පසුගිය මාසයේදී MDH විසින් නිෂ්පාදනය කරන ලද කුළුබඩු මිශ්‍රණයන් තුනක් සහ එවරස්ට් විසින් නිෂ්පාදනය කරන ලද කුළුබඩු මිශ්‍රණයක අලෙවිය අත්හිටුවන ලද්දේ පිළිකා ඇති කරන පළිබෝධනාශක එතිලීන් ඔක්සයිඩ් ඉහළ මට්ටමක පවතින බව පවසමිනි. සිංගප්පූරුව ද එවරස්ට් මිශ්‍රණය නැවත කැඳවීමට නියෝග කර ඇති අතර නවසීලන්තය, එක්සත් ජනපදය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව පසුව ප්‍රකාශ කර ඇත්තේ සන්නාම දෙකට අදාළ ගැටළු සොයා බලන බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය කුළුබඩු මණ්ඩලය, අදහස් දක්වා නොමැති අතර ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව 2022 වසරේදී බ්‍රිතාන්‍යය ඩොලර් මිලියන 128 ක් වටිනා කුළුබඩු ආනයනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...