කිසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි බැලීමට දකුණු කොරියානුවන් අතර තරඟයක්

සටහන: සශිකලා මධුෂාණි,මැයි 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අරුම පුදුම තරඟයක් පිලිබඳ තොරතුරු දකුණු කොරියාවේ සෝල් අගනුවරින් වාර්තා වේ.

සොල්හි නගර රජය විසින් පවත්වනු ලබන මෙම තරඟයකොසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි තෝරනු ලැබේ. එහිදී මිනිත්තු 90ක් නිදා නොගෙන, ඔවුන්ගේ දුරකථනය පරීක්‍ෂා කිරීමෙන් හෝ කතා නොකර සිටිය යුතු අතර සහභාගිවන්නන්ගේ හෘද ස්පන්දන වේගය නිරීක්ෂණය කරනු ලැබේ. නරඹන්නන් ඔවුන්ගේ ප්‍රියතම තරඟකරුවන් 10 දෙනෙකුට සිය ජන්දය ලබා දිය හැකි අතර 10 දෙනා අතරින් වඩාත්ම ස්ථායී හෘද ස්පන්දන වේගය ඇති තැනැත්තා කුසලානය ගෙදර ගෙන යයි.

මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ 117 දෙනෙකු පමණි. මෙවර තරඟයට සහභාගී වූවන් අතර වේග ලිස්සා යාමේ ක්‍රීඩක ක්වාක් යූන්-ගි, ද්විත්ව ඔලිම්පික් රිදී පදක්කම්ලාභී වේ.

මෙම වසරේ සෝල් හි පැවති තරඟය ජයග්‍රහණය කරන ලද්දේ විවිධ රැකියා කරන නිදහස් නිවේදක ක්වොන් සෝ-ආ විසිනි, ඇය සිය ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, මානසික සෞඛ්‍යයට මෙන්ම ශාරීරික සෞඛ්‍යයටද ශරීරය ලිහිල් කිරීම යහපත් වන බවත්, ශරීරයට විවේකයක් ලැබිය හැක්කේ ඔබේ මොළය ලිහිල් වූ විට පමණක් වන හෙයින් මෙම තරඟය ඉතාම වැදගත් එකක් ලෙස තමන් සිතන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...