ජාතික ආණ්ඩුවක පළමු පියවර : සර්ව පාක්ෂික සමුළුව අද !

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.

වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සෑම පක්ෂයකම අදහස් විමසීමේ අරමුණින් කැඳවා ඇති මෙම සර්ව පාක්ෂික සමුළුව පැවැත්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

කෙස්වෙතත් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ එහි අනුබද්ධ පක්ෂ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ද මෙම සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශයට පත්කර ඇත.

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානය මෙම සමුළුව විවේචනයට ලක් කළත් ඔවුන්ගෙන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු ඊට සහභාගී කරවීමට තීන්දු කර තිබේ.

විපක්ෂයෙහි ප්‍රධාන දකුණේ දේශපාලන පක්ෂ මෙම සමුළුව වර්ජනය කරන අතරේ දෙමළ ජාතික සන්ධානය මීට සහභාගී වීමට තීරණය කර තිබීම විශේෂත්වයකි. දශක ගණනාවක් තිස්සේ දකුණේ දේශපාලනයෙන් විතැන්ව සිටි දෙමළ ජාතික සන්ධානය මෙම සමුළුවට සහභාගී වීමට තීරණය කිරීම ම රටේ ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් සුබවාදී එකක් වන බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද තමන් අනිවාර්යයෙන්ම මෙම සමුළුවට සහභාගී වන බව ප්‍රකාශ කර ඇත.

ඉදිරියේදී බිහිකිරීමට නියමිත ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර අවස්ථා ගණනාවකදී අනාවරණය කිරීම් කළ අතර සර්ව පාක්ෂික සමුළුවක යෝජනා සහ එකඟතාවන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට නම් අන්තර්වාර ආණ්ඩුවක් වැනි යාන්ත්‍රණයක් පිහිටුවා ගැනීම මූලික අවශ්‍යතාවයක් වනු නියතය. එහිදී අප සඳහන් කළ අන්දමටම විපක්ෂයේ ප්‍රධාන කොටස් මින් මඟහරිද්දී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය ජාතික එකඟතාවක් වෙනුවෙන් දැනටමත් ඉදිරියට පැමිණ ඇති බව පෙන්නුම් කෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...