චීන-රුසියා ජනපතිවරුන් අතර නිල නොවන සාකච්ඡාවක්!

Date:

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා අතර නිල නොවන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ ඊයේ(16) රාත්‍රියේ බෙයිජිං හි Zhongnanhai මණ්ඩපයේ දී‍.

ලෝකයේ සාමය හා ඒකාබද්ධ සංවර්ධනය සහතික කිරීම සඳහා රුසියාව මෙන්ම සෙසු රටවල් සමග එක්ව, සහයෝගිතා තහවුරු කරමින් ගෝලීය පාලනය සඳහා වන නිවැරදි ගමනකට මඟපෙන්වීමට චීනය කැමති බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

කිසිදු බලවේගයකට චීනයේ ප්‍රගමනය අවහිර කළ නොහැකි බව පූටින් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. චීනය හා සෙසු ‘ගෝලීය දකුණේ’ රටවල් සමග එක්ව සහයෝගිතා වැඩිදියුණු කර ජාත්‍යන්තර සාධාරණත්වය ඉදිරියට ගෙන යමින් වැඩි සමානත්වයෙන් හා බහුධ්‍රෑවකරණයෙන් යුතු ලෝකයක් ගොඩනැංවීම සහතික කිරීමට තම රට සූදානම් බව ද පූටින් මහතා එහිදී පවසා තිබෙනවා.

මෙම නායක දෙපළ යුක්රේන අර්බුදය පිළිබඳව අදහස් හුවමාරු කර ගනිමින්, දේශපාලන ක්‍රමයෙන් අර්බුදය හැකි ඉක්මනින් විසඳා ගැනීම එකඟ වී තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාපැදි පරමාදර්ශය පොගාකර්ට ප්‍රංශ සවාරියේ සිව්වැනි ජයත්

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ස්ලෝවේනියාවේ දී 1998, උපත...

අර්බූදවලින් හම්බ කළ හැකි සාමය සහ විශ්වාසය

නිශ්මං රණසිංහ ජූලි 28, කොළඹ LNW: ආසියානු ක්‍රිකට් සූරතාවලිය සැප්තැම්බර්...

එක වගේ මූණු හුරුවන් සොයා බොලිවුඩයට!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  ඉන්න, මම මේ...

එක්සත් ජනපද තීරු බදු සන්තෑසියෙන් තේ, රබර් කර්මාන්තයට අත්වන ඉරණම!

සටහන – පුලී ජූලි 28, කොළඹ (LNW):  අගෝස්තු 1 වනදා...