සරණාගතභාවය පතා බ්‍රිතාන්‍යයට ගොස් නගරාධිපති වරයෙකු වූ ලාංකිකයා

Date:

NewsI : ශ්‍රී ලංකාවේ සිට පැමිණ එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා ගත් එලංගෝ එලවලකන් මහතා ඉප්ස්විච් නගරයේ නගරාධිපති තනතුරට පත් වී තිබේ.

ඉප්ස්විච් නගර සභා වාර්ෂික රැස්වීමේදී පැවැති ඡන්දයේදී ඒකමතිකව එලංගෝ එලවලකන් මහතා නගරාධිපති ලෙස තෝරා පත්කරගෙන ඇත.

එලවලකන් මහතා කම්කරු පක්ෂය නියෝජනය කරන අතර ඉප්ස්විච් නගර සභාවේ ප්‍රධානී නීල් මැක්ඩොනල්ඩ් මහතා විසින් නගරාධිපති ධුරය සඳහා එලංගෝ එලවලකන් මහතාගේ නම යෝජනා කරනු ලැබුවේය.

නම යෝජනා කරමින් ඔහු පවසා සිටියේ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමටද නව නගරාධිපතිවරයා සිය ධුර කාලයේදී වාසනාවන්ත වනු ඇති බවය.

තමන් අද දිනයේ ඉතාමත් සතුටු වන බවත් ඉප්ස්විච් නගරයේ නගරාධිපතිවීමට හැකිවීම පිළිබඳව තමන් ආඩම්බරයට පත්වන බවත් තනතුර බාර ගැනීමෙන් පසුව එලංගෝ එලවලකන් මහතා ප්‍රකාශ කළේය.

ඉප්ස්විච් නගරාධිපති ලෙස පත්වූ ප්‍රථම හින්දු ජාතිකයාද එලවලකන් මහතාවේ.යුද්ධයෙන් පැන ආ සරණාගතයෙක් නගරාධිපති ධුරය සඳහා පත්වීම ලොවටම පණිවුඩයක් ලබා දෙනු ඇතැයි එලවලකන් මහතා චාරිත්‍රානුකූලව නගරාධිපති ධුරය සඳහා පත් කරමින් නගර සැරයන් ඇන්ඩෲ බීල් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව අතරහැර එක්සත් රාජධානියට පැමිණීමට ප්‍රථම එලංගෝ එලවලකන් මහතා ඉන්දියාවේ , උගන්ඩාවේ සහ රුවන්ඩාවේ සේවය කර ඇත.

1990 ගණන්වල ජන සංහාරයෙන් පසු රුවන්ඩාව යළි ගොඩනැගීමේ ප්‍රධාන ව්‍යාපෘති සඳහා ඔහු සේවය කළේය.

2006 දී ඔහුගේ බිරිඳ මැංචුලා සමඟ එක්සත් රාජධානියේ පදිංචි වීමට පැමිණ ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...