සයිටම් විශ්වවිද්‍යාලයට අදාළ නඩුවකින් වරද පිළිගත් වෛද්‍යවරුන් තිදෙනෙකු අවවාද කර මුදා හැරේ!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 17, කොළඹ (LNW):මීට වසර 7කට පෙර සයිටම් විශ්වවිද්‍යාලය අහෝසි කරන ලෙස පැවති උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩකළ බවට පැවති නඩුවක දී වරද පිළිගත් වෛද්‍යවරුන් තුන් දෙනෙකු අවවාද කර මුදා හැරුණා.

මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ, මෙම උද්ඝෝෂණයේ දී  මොවුන් අධිකරණ නියෝග කඩ කර ඇති බවට වන අතර, ඔවුන් වෛද්‍යවරුන් ලෙස ඉටුකරන සේවය සලකා බලා සිද්ධියෙන් නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් ඉල්ලා සිටි බව සඳහන් වේ.

නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම මෙන්ම පෙර වැරදි නොමැති වීමත් සලකා බලා ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළ බව තොරතුරු සඳහන්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...