සජබ e කොළම.

(වොෂින්ටන් මකරා)

?රටේ බංකොලොත් බව නැති කිරීමට ඇති එකම මග ලිං මැඩිකමෙන් මිදී රට සුහුරු හෙවත් ස්මාට් රටක් කිරීමයි. පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ අයගෙ දරුවන් යන්නේත් පෞද්ගලික ඒවාටයි – “Mr හෙල්ත් & ස්මාට්”  සජිත් කියයි.

?දේශපාලකයන් බිළිබාන්න දැන් බාර් ලයිසන් දෙනවා. සජබ රජය යටතේ ඒ සියල්ල අහෝසි කරලා සැබෑවටම මතට තිත තියනවා – සජිත්.

? සජිත් ගෙන් අනුරාධපුර මුකිරියාව හා තඔුත්තේගම පාසල් තුනකට සක්වල ස්මාට් පංති කාමර. එම දිසාවේම පදවිය කැබිතිගොල්ලෑව හා මැදිරිගිරියේ තවත් පාසල් 03 කට පසුදාත් ස්මාට් පංති 03 ක්.

?එක්සත් ජාතීන්ගේ නම පාවිච්චි කරලා බොරු ඡන්ද සමීක්ෂණ කරලා සමහරු ඉහළ ට එන්න හදනවා. ඒ සමීක්ණයෙනුත් සජිත් ට ජය – මහලේකම් රංජිත්.

?අනුරාධපුර දිසා ප්‍රබලයෙකු වන තිස්ස කරලියද්ද හා හිටපු හමුදාපති මහේෂ් සේනානායකත් සජබ ට.

?පලස්තීනය වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව පවසමින් සහෝදරත්වයේ සළුව පළඳා සජිත් පාර්ලිමේන්තුවේදී පලස්තීනය වෙනුවෙන් හඬ නගයි.

?වැලිමඩ උඩ පලාත සමූප ඡන්දයෙන් සජබ ට අතිවිශිෂ්ට ජයන්. කොට්ඨාස 97 න් 89 ක් ජයගනී.

?විදුලි සංදේශ නියාමන සංශෝධිත කෙටුම්පතින් ජනමාධ්‍ය වලට දැඩි බලපෑම් එල්ලවන නිසා සජබ ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනයට යනවා – සජිත් කියයි.

?අනුර කියනවා උද්ධමනය අඩුවෙලා නෑ උද්ධමනය වැඩිවීමේ වේගය අඩු වෙලා කියලා. මේ පයිත්තියං කතා කියන්නැයි මෙයාට උපදෙස් දෙන්නෙ මාළිමාවෙ විපත් මග ද – වෛද්‍ය රාජිත.

?අම්පාර ගොවි සමුළුවේදී එජාප – ශ්‍රීලනිප ප්‍රබලයන් 02 ක් සජබට.

?මව්වරුන්ගේ දිනය දා සුවහසක් මව්වරුන් වෙනුවෙන් සජිත් ගෙන් මීගමු රෝහලට දැවැන්ත පරිත්‍යාගයක්.

?හුස්ම වැඩසටහන යටතේ සජිත්ගෙන් රාගම රෝහලටත් ලක්ෂ 28 ක උපකරණ.දැනට හුස්ම යටතේ රු ලක්ෂ 1819 ක සේවාවක් රෝහල්වලට සිදුකල බවත් එළිවේ.

?සජිත් ගෙන් මොණරාගල පාසල් 03 කට ස්මාට් පංති. තවද ගම්පහ රෝහල් 03කට හුස්ම යටතේ ලක්ෂ 66 ක වෛද්‍ය උපකරණ හා බෙහෙත් ලබා දෙයි.

?ජවිපෙ බොරු පfයිල්  130 ක් තියං හිගන්නගෙ තුවාලෙ වගේ රට රවටනවා. එක පfයිල්  එකක් තිබුණ ඕෂල හේරත් ඩයන ව ගෙදරත් යැව්වා. ඇත්තට හොරු අල්ලන්න ඔින නම් ජවිපෙ නායකය කරන්න ඕන ඕෂල – අර්ල් ගුණසේකර.

?ඩොලරයකට දීපු වීසා එකට ඩො 25 ක් ගරලා. මේක දෙවන මහබැංකු කොල්ලය බවට ජී එල් පීරිස් විග්‍රහ කලා – සජබ කියයි.

?ජුනි මාසයේදී ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් තවත් සාමාජික සාමාජිකාවන් ලක්ෂ ගණනක් බදවා ගැනීමේ සජබ  මෙහෙයුම සූදානම් – තිස්ස අත්තනායක.

?බඩගාන ආර්ථිකයකින් රටවල් ගොඩ ගන්න බෑ. අපේ ඉලක්කය 10% කට ආසන්න ආර්ථික වර්දනයක්. ඒක කලහැකි වැඩ පිළිවෙල අප සතුයි. මේ ගැන හා අනිත් අයගෙ වැඩ පිළිවෙලවල් කතා කරන්න සමහරු නොඑන්නෙ ඒ නිසා ද. iphone හදන්නෙ රටවල් 43 ක් එකතුවෙලයි. අපිත් ඒ ජාලයට එකතු වෙනවා- ආචාර්ය හර්ෂ.

?IMF ගැන එජාප හා සජබ වෙනසක් තිබෙනවා. අපි ආවම IMF එකඟතා වෙනස් කරන බව සජිත් IMF එකට කියලයි තියෙන්නෙ – හර්ෂ.

?ජනපති ලිබරල් හා ජවිපෙ සමාජවාදී අන්තවාදයේ වුණත් සජබ අපි සමාජ වෙළෙදපොළ මධ්‍යස්ත තැනක ඉදීම සියලු ජනතාවට ආරක්ෂාවක් – හර්ෂ.

?සජිත් නායකතුමා හැමවිටම අපට කියන්නේ පොඩි මිනිහා හා ගේ ඇතුලේ ප්‍රශ්න විසඳන හැටි බලන්න කියලයි – හර්ෂ. ?රට හදන හැටි IMF ණය ප්‍රතිව්‍යුහගත කරණය ආදිය කතා කරන්න මාළිමාවට එන්න කිව්වෙ අපි. ඒකට නෑවිත් අනුර සජිත් මේකට පටලවල මාළිමාව මේක මග අරින බව දැන් රටම දන්නවා – හර්ෂ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...