අද (19) අලුයම 03.30 සිට හෙට (20) පස්වරු 03.00 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 07ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 39කට නායයාමේ පූර්ව අනතුරු හැඟවීම් නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා දෙවැනි මට්ටමේ (වර්ණය – ඇම්බර්) අනතුරු හැඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
පළමු මට්ටමේ (වර්ණය – කහ) නායයාමේ අනතුරු හැඟවීමේ නිවේදන නිකුත් කර ඇති ප්‍රා.ලේ. කොට්ඨාස පහතින් දැක්වේ.
බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල, හාලිඇල, බදුල්ල, හපුතලේ
කොළඹ දිස්ත්‍රික්කය – සීතාවක
ගම්පහ දිස්ත්‍රික්කය – අත්තනගල්ල
කලුතර දිස්ත්‍රික්කය – පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම, වලල්ලාවිට
මහනුවර දිස්ත්‍රික්කය – මහනුවර, හතරලියද්ද, ගඟවට කෝරළේ, උඩුදුම්බර, උඩපළාත, උඩුනුවර, යටිනුවර, පස්බාගේ කෝරළේ, ගඟ ඉහළ කෝරළේ
කෑගල්ල දිස්ත්‍රික්කය – රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට, මාවනැල්ල, කෑගල්ල, ගලිගමුව, වරකාපොල, යටියන්තොට, බුලත්කොහුපිටිය
රත්නපුර දිස්ත්‍රික්කය – කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, ඇහැළියගොඩ, කලවාන, බලන්ගොඩ, ඇළපාත, රත්නපුර, කුරුවිට
RN