පුත්තලම යටවෙයි. සියලුම පාසල් වැසේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පවතින අධික වැසි තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (20) දිනයේ වසා තැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ.

වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් මේ පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය දැනුවත් කර ඇති බව සඳහන්.

අද දිනයේ කාලගුණ තත්වය අනුව ඉදිරි දිනවල පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත ය.

ඇදහැළෙන මහ වැසි හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල ගැලීම් වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් පවුල් 5000 ක පුද්ගලයින් 19128 දෙනෙක් පීඩාවට පත්ව ඇති බවයි පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ.

මහකුඹුක්කඩවල, කරුවලගස්වැව, මාදම්පේ, මූන්දලම, පුත්තලම, හලාවත සහ ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මෙසේ පීඩාවට පත්ව සිටිති.

මෙයින් වැඩියෙන්ම බලපෑමට ලක්ව සිටින්නේ පුත්තල ප්‍රා.ලේ. කොට්ඨාසයේ ජනතාව වන අතර එහි ග්‍රාම නිලධාරී වසම් 11 කට අයත් පවුල් 4582 ක පුද්ගලයින් 18467 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

මෙම ප්‍රදේශවල ඇතැම් නිවාස අඩි දෙකක් පමණ ජලයෙන් යටවී තිබුණු බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...