රනිල්ගේ ඉල්ලීම බැසිල් ප්‍රතික්ෂේප කරයි – IMF කෙටුම්පත දෙන්න බැසිල් බැහැ කියයි

Date:

අද (23) පෙරවරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් විමසීමක් කර සිටියේය.

එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ එම IMF වාර්තාව මෙතෙක් රජය වෙත ලැබී නැති බවයි.

එලෙස ලැබී නැත්නම් මෙරට නියෝජිතයාගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක් කරන ලෙස එහිදී වික්‍රමසිංහ මහතා සඳහන් කළ අතර එහිදී බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව විසින් ලබා දීමට නියමිත අවසන් වාර්තාවට අදාළව කෙටුම්පත ලැබී ඇති බවයි.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස වික්‍රමසිංහ මහතා සඳහන් කළද එය සිදුකළ නොහැකි බව බැසිල් රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කරන ලදී.

මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ පවතින අර්බුදකාරී තත්වයෙන් ගොඩඒමට ශ්‍රී ලංකාවට අවම වශයෙන් වසර 05 ක් පමණ ගතවනු ඇති බවයි.

මෙහිදී ඉදිරි වසර 02 තුළදී ආර්ථිකය ස්ථාවර කිරීම සහ ආර්ථික ප්‍රකෘතිය තහවුරු කිරීම රට මුහුණ දෙන ප්‍රධාන ගැටලු 02 බවද ඔහු සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...