වර්ජන නිසා පසු බසින විශ්වවිද්‍යාල අධ්‍යාපනය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 19, කොළඹ (LNW): මෙවර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම ද ප්‍රමාද වන තත්ත්වයක් ඇති වී තිබෙන බවක් සඳහන් වේ. ඒ විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙනි.

උසස් පෙළ ප්‍රතිඵල ඉදිරි දෙසතිය ඇතුළත නිකුත් කිරීමට නියමිත නමුත් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය ඇතුළත් අත්පොත මුද්‍රණය කර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මෙතෙක් නොහැකි වීම මීට හේතු වී ඇති බව පැවසේ.

ආරම්භ කර තිබෙන වර්ජනය ඊට හේතුව වන අතර අද හෙට වර්ජනය නතර කළ ද පොත මුද්‍රණය කර නිකුත් කිරීමට අවම වශයෙන් මාසයක පමණ කාලයක් ගත වන බවත් අත්පොත නිකුත් නොකර මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවීමට නොහැකි බවත් වාර්තා වේ.

කෘෂිකර්ම පීඨයන්හි ගොවිපළවල සිටින සතුන්ට ආහාර ලබා දීම හැර ජලය විදුලිය සැපයීම ඇතුළු සෙසු සියලු කටයුතුවලින් අනධ්‍යයන කාර්ය මණ්ඩල මේ වන විට ඉවත්ව සිටියි. ඇතැම් පීඨවල සිසුන්ගේ දේශන මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන අතර පැවැත්වීමට නියමිතව ඇති විභාග කල් දැමීමට විශ්වවිද්‍යාලවලට සිදුව තිබේ. පවතින මූල්‍ය තත්ත්වය මත අනධ්‍යයන කාර්ය මණ්ඩල ඉල්ලීම් ලබා දීමට නොහැකි බව මුදල් අමාත්‍යාංශ වාර්තා කරයි.

සිය ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය අත්නොහරින බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත කියා සිටී.ඉකුත් 2016 වසරේ රාජ්‍ය සේවකයන්ට කළ වැටුප් වැඩි කිරීමේදී අහිමි වූ සියයට පහළොවක වැටුප් වැඩි වීම ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඉකුත් 9 වැනිදා අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙම වර්ජනය ආරම්භ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...