ඇමරිකානු සමාගම් කිහිපයකට චීනයේ නව ආයෝජන සහ ආනයන හා අපනයන කටයුතු තහනම් වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇතැම් ඇමරිකානු සමාගම් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කළ බව පවසන චීන වාණිජ අමාත්‍යාංශය, එම සමාඟම් විශ්වසනීයත්වයක් නොමැති ආයතන ලැයිස්තුවට ඇතුළත් කළ බව චීන වාණිජ අමාත්‍යාංශය අද (20) නිවේදනය කරන ලද බව Business Standard පුවත් සේවය වාර්තා කරයි. .

ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කළ බැවින් එම සමාගම් චීනයට අදාළ ආනයන හා අපනයන කටයුතුවල නිරත වීම මෙන්ම චීනයේ නව ආයෝජන සිදු කිරීම තහනම් කර තිබෙන බව වාර්තා වේ.

තවද එම සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්ට චීනයට පිවිසීමට ද අවසර නොලැබෙන බව ද සඳහන් වන අතර, චීනයේදී ඔවුන්ගේ රාජකාරී බලපත්‍ර, කෙටි හෝ දිගුකාලීන ව රැඳී සිටීමේ සුදුසුකම් ද අහෝසි කර තිබෙන බව වැඩි දුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...