ඉරාන ජනාධිපති හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇති බවට සැක පල කෙරේ

සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා කඳුකර ප්‍රදේශයේ හෙලිකොප්ටර් අනතුරෙන් මියගිය බවට සැක පලකෙරෙන බව රොයිටර් වාර්තා කර තිබේ.

සෝදිසි කණ්ඩායම් විසින් අද(20)සුන්බුන් සොයා ගෙන ඇති අතර හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බව හඳුනාගෙන තිබේ. ඉරානයේ රතු ක්‍රෙසන්ට් ප්‍රධානී Pirhossein Kolivand රාජ්‍ය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, අනතුරට පත් ස්ථානයේ සුන්බුන් දැකිය හැකි බවත්, එහි ගමන්ගත් මගින් අතර ජීවය පිළිබඳ කිසිදු සලකුණක් අනාවරණය වී නොමැති බවයි.

සඳුදා අලුයම නැගෙනහිර අසර්බයිජාන් පළාතේ සුන්බුන් වෙත ළඟා වීමට ගලවා ගැනීමේ කණ්ඩායම් රාත්‍රිය පුරා හිම කුණාටු සහ දුෂ්කර භූමි ප්‍රදේශ සමඟ සටන් කිරීමට සිදුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...

මැණිකක් රකින නයෙක් වගේ අපි ඩොලර් පෙට්ටියයි රුපියල් පෙට්ටියයි ආරක්ෂා කරනවා – ඇමති එරංග

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව මැණිකක් රකිනා නාගයෙකු මෙන්...

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...