ඖෂධ ගෙන්වීමේදී වංචා වළක්වන්න ක්‍රමයක් අපි හැදුවා.අත්‍යවශ්‍ය ඖෂධ 50ක මිලත් තව අඩුකරනවා – වි.වෛ. ආනන්ද විජේවික්‍රම

Date:

කොළඹ LNW:ඖෂධ ගෙන්වීමේදී සිදුවන වංචා වැලැක්වීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් නව ආරක්‍ෂිත වැඩපිලිවෙලක් හදුන්වා දී තිබෙන බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

විගණකාධිපති විසින් ඉරිදිපත් කර තිබෙන ගැටළු මේ වන විට විසඳා ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ගෙන එන ඖෂධ දැන් සෞඛ්‍යාරක්ෂිත බවයි විජේවික්‍රම මහටා සඳහන් කරන්නේ.

මේ අතර ඖෂධ මිල තවදුරටත් පාලනය කිරීමට කටයුතු යොදන අතර මේ වන විට අධිකරණය හමුවේ නඩුවක් විභාග වන බවත් එම කටයුත්ත අවසන් වූ පසු මිල පාලනය ගැන අවධානය යොමුකරන බවත් තෝරාගත් අත්‍යවශ්‍ය ඖෂධ 50ක මල අඩුකිරීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කරයි.

”ජාතික ඖෂධ අධිකාරිය දැන් ගෙනෙන ඖෂධ සෞඛ්‍ය ආරක්ෂිතයි. විගණකාධිපති ඉදිරිපත් කර තිබෙන ගැටලු මේ වෙද්දී අපි නිවැරදි කරලා තියෙන්නේ. එකතුවෙලා තිබුණ ලිපිගොණුවල කටයුතු කරමින් යනවා. තව මාස කිහිපයක් යද්දී ඉවරකරගන්න පුලුවන්. ඖෂධ ලියාපදිංචි සදහා දෙන ලේඛන පිළිබද තමයි පහුගිය කාලයේ ප්‍රශ්න සිදුවුණේ. අපි මේ නිසා රජයේ මුද්‍රණාලය සමඟ කතා කරලා ආරක්‍ෂිත ක්‍රමවේද අනුව ලිපියක් ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ආරක්‍ෂිත ස්ටිකරයකුත් නිකුත් කරනවා. හදිසි ප්‍රසම්පාදනය නිසයි මේ ගැටලු ඇතිවෙලා තියෙන්නේ කියලා නිරීක්ෂණය වෙලා තියෙන්නේ. හදිසි ප්‍රසම්පාදන අපි නවත්වලා තියෙන්නේ. ලියාපදිංචි කර ගේන ඖෂධත් නැවත නැවත පරීක්ෂා කිරීම වැඩිකළ යුතුව තිබෙනවා. ඒ සදහා කාර්ය මණ්ඩලය අලුතින් බදවාගැනීම කරමින් ඉන්නවා.” යනුවෙන් විජේවික්‍රම මහතා වැඩිදුරටත් පවසයි.

අද (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මෙම අදහස් දක්වා සිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...