ජනාධිපති රයිසිගේ අවමංගල්‍යට දහස් ගණනින් ඉරාන වැසියන් එක්වෙයි!

කොළඹ LNW:දැඩි ආරක්ෂාවක් යටතේ සිටියදී හෙලිකොප්ටර් අනතුරකින් හදිසියේ ජීවිතක්ෂයට පත් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා දස දහස් ගණනින් ඉරාන වැසියන් එක්වෙමින් සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අවමංගල්‍ය පැවැත්වෙන ටැබ්රිස් වෙතයි එලෙස ඉරාන වැසියන් එක්වෙමින් සිටින්නේ.

ඉරාන ජනතා මතය මුළුමණින්ම පෙන්නුම් නොකළත් දැඩි ආගමික මතධාරී ජනතාවගේ ආදරයට ඔහු පාත්‍ර වී සිටි බවට මෙය කදිම සාක්ෂියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබුණේ.

මේ අතර රයිසි විරෝධීන් ඔහුගේ හදිසි අභාවයෙන් පසු රයිසි සම්බන්ධයෙන් හා ඔහු සමඟ මියගිය සෙස්සන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අපහාසාත්මක අයුරින් කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක වන ලෙසද එරට නීතිපති මොහොමඩ් කසෙම් මොවාහෙඩි අසාද් විසින් නියෝග කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNP නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුර එච්.එන්.අයි. මනෝජ් කුරේට!

එච්.එන්.අයි. මනෝජ් කුරේ මහතා එක්සත් ජාතික පක්ෂයේ (UNP) නියෝජ්‍ය...

ජේ.ආර්. ජයවර්ධන 30 වැනි ගුණ සැමරුම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හිටපු ජනාධිපති ජේ.ආර්....

“IMUL-A-0022 TLE” ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් නිරුපද්‍රිතව සොයාගනී…

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ‘අර්නාබ්’ සුළි කුණාටුවට මැදිව...

හැලොවීන් ලෝකයේ කිරුළ හිමි රැජින; වසරින් වසර ලෝකයම මවිත කරන හයිඩි ක්ලම්! 

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් කිව්වම බොහෝ දෙනෙකුට...