ගාසාව කුසගින්නේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අවශ්‍ය මානුෂීය ආධාර නිසි ආකාරයෙන් බෙදා හැරීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් ගාසා තීරයේ සාගත තත්ත්වයක් ඇති වීමේ අවදානම ඉහළ යමින් පවතින බව Asharq Al-Awsat මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ ජබාලියා සරණාගත කඳවුර හා රෝහල් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ඊයේ (21)දිනයේද අඛණ්ඩ ප්‍රහාර මාලාවක් දියත් කර තිබිණ.

කාලතුවක්කු හා යුද ටැංකි යොදා ගනිමින් මෙම ප්‍රහාර මාලාව සිදු කර ඇති බව වාර්තා වේ.

තාවකාලිකව ඉදිකළ වරාය උපයෝගී කරගනිමින් ඇමෙරිකා හමුදාවේ මැදිහත්වීමෙන් රැගෙන ආ මානුෂීය ආධාර ටොන් 570 කට ආසන්න ප්‍රමාණය ගාසා වැසියන් වෙත ලබාදීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ.

ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීම සිදු කළහොත් ගාසා තීරය තුළ ක්‍රියාත්මක මානුෂීය ක්‍රියාන්විතයන් අත්හිටුවීමට සිදු වන බව ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...