රගර් වර්ණ ගන්වන නිපොන් ලීගයේ දෙවන වටය ඇරඹේ

Date:

නිපොන් පේන්ට් ජාතික රගර් ලීග් තරගාවලියේ කුසලාන සූරතාව සහ පළඟ සූරතාව සඳහා වන දෙවන වටයේ තරඟ මාර්තු 25 වන දා ආරම්භ වීමට නියමිතය.ඒ අනුව පළමු තරගයේදී පළඟ සූරතාවය සදහා සටන් වදින ගුවන් හමුදා කණ්ඩායම සහ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් රත්මලානේදී මුණ ගැසීමට නියමිතය.

මෙවර නිපොන් පේන්ට් කුසලානය දිනා ගැනීමේ අදිටන ඇතිව රගර් ක්‍රීඩාවේ ජාතික ලීග් සූරයන් වීම සඳහා තරග වදින මහනුවර,හැව්ලොක්ස්,සීඑච් ඇන්ඩ් එෆ්සී සහ පොලිස් කණ්ඩායම් අතරින් පළමුවෙන් ගැටෙන්නේ සීඑච් සහ හැව්ලොක්ස් කණ්ඩායම් දෙකයි.එම හමුවීම සඳහා මාර්තු 26 වන දා කොළඹ රීඩ් මාවතේ පිහිටි තුරග තරග පිටිය සූදානම්ව ඇත.

මාර්තු 27 වන දා කුසලානය සඳහා තරග වදින මහනුවර කණ්ඩායම, පොලිස් කණ්ඩායම හමුවන්නට බම්බලපිටිය පොලිස් පිටියට පැමිණීමට නියමිතව ඇත.අප්‍රේල් 02 දා කුසලානය සඳහා තරග දෙකක් පැවත්වෙන අතර එයින් තුරග තරග පිටියේ දී ශක්තිය උරගා බලන්නේ සීඑච් කණ්ඩායමට එරෙහිව මහනුවර කණ්ඩායමය.ඊට කිලෝ මීටරයකට පමණ දුරින් හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිවීමට පොලිස් කණ්ඩායම සූදානම්ය.

අප්‍රේල් 09 දා පොලිස් කණ්ඩායම සහ සීඑච් කණ්ඩායම ගැටෙන්නේ,බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේය.එදිනම දෙවන වටයේ අවසාන තරගය ලෙස පළමු වටයේ දක්ෂතාවලින් කැපී පෙණුනම කණ්ඩායම් දෙක බවට පත් වූ හැව්ලොක්ස් සහ මහනුවර කණ්ඩායම් හැව්ලොක්ස් පිටියේදී හමුවීමට නියමිතය.

පළඟ සූරතාවය සඳහා තරග වදින නාවික සහ යුද හමුදා කණ්ඩායම් මාර්තු 26 වන දා වැලිසරදී තරග වැදීමට සූදානම්ය.අප්‍රේල් මස පළමු දිනයේ හැව්ලොක්ස් පිටියේ පැවත්වෙන ගැටුමට සහභාගි වන්නේ යුද හමුදා සහ ගුවන් හමුදා කණ්ඩායම් ය.

සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම අප්‍රේල් 02 දා ලොන්ඩන් පෙදෙසේදී නාවික හමුදාව මුණ ගැසීමෙන් අනතුරුව අප්‍රේල් 08 යුද හමුදාව හමුවෙන්නට ද සූදානමින් ඇත.අප්‍රේල් 09 වනදා පළඟ සූරතාවය සදහා වන අවසන් හමුවට ගුවන් හමුදාව නාවික හමුදාව මුණ ගැසෙන්නට වැලිසරට යාමට සූදානමින් සිටින්නේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...