පොලිස්පති දේශබන්දුගෙන් අළුත් වැඩක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 23, කොළඹ (LNW): ඊයේ ( 22 වැනිදා ) පෙරවරුවේදී මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයකට අනුව ත්‍රිරෝද රථවල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කිරීමේ නව වැඩපිළිවෙළ යටතේ බියගම පොලිසිය මගින් සිය පොලිස් බල ප්‍රදේශයේ ත්‍රිරෝද රථවල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහන ආරම්භ කෙරිණ.

මේ වැඩසටහනේදී නොමිලයේ බෞද්ධ කොඩි 500 ක් ත්‍රිරෝද රථවල ප්‍රදර්ශනය කිරීම සඳහා බෙදා දුන් අතර, බියගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තන ලියනගේ ඇතුළු පොලිස් නිලධාරීහු බියගම නිදහස් වෙළෙඳකලාප ත්‍රිරෝද රථ ගාලේ හා මාර්ගයේ ධාවනය වන ත්‍රිරෝද රථවල බෞද්ධ කොඩි සවි කිරීමට කටයුතු කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!