අයවැය වෙනස් කරන්න කලින් පෝලිම් යුගය නැති කරලා ඉන්න – සජබ

Date:

මෙම වසරට අදාලව සම්මත කරගත් අයවැය ලේඛනය සංශෝධනය කර නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට තමා සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ, ඊයේ පැවති සර්ව පාක්ෂික සමුළුවට සහභාගිවෙමිනි.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය පවසන්නේ අයවැයක් හරහා ජනතාවට සහන ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවයි. මින් පෙර ඉදිරිපත් කළ අයවැය ලේඛනය හරහා ජනතාවට සහනක් ලබා දී නොමැති බැවින් එය සංශෝධනය කළ පමණින් ජනතාවට සහන ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසන්නේ.

අයවැය ලේඛනය සංශෝධනය කිරීමට පෙර අවම වශයෙන් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බාධාවකින් තොරව ලබා ගැනීම සඳහා අවකාශය සලසා දිය යුතු බවත්, පෝලිම්වල විසඳුම් ලබාදිය යුතු බවත් අලවතුවල මහතා සඳහන් කරනවා.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව අත්‍යවශ්‍ය භාණ්ඩවල පවා මිල තුන් හතර ගුණයකින් ඉහළ ගොස් ඇති බවත්, ඉහළ ගිය මිලට හෝ ලබා ගැනීමට රටතුළ භාණ්ඩ නොමැති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි. ඉක්මන් විසඳුම් ලැබිය යුත්තේ පෝලිම් යුගයට බවද ඔහු සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...

ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) පෙරවරුවේ, තරුණ...