ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මියන්මාරයෙන් රෝහින්ග්‍යා වැසියන් 45,000ක් පලා යයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 25,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම හේතුවෙන් රෝහින්ග්‍යා ජාතිකයින් 45,000ක් පමණ පලාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබේ.

ලෝකයේ වඩාත්ම පීඩාවට පත් වූ සුළුතරයක් ලෙස විස්තර කරන රෝහින්ග්‍යා ජාතිකයින් , මියන්මාර සම්භවයක් ඇති පිරිසක් වන අතර මියන්මාර හමුදාව විසින් දියත් කරන ලද ජන සංහාරක ව්‍යාපාරයකින් බේරීමට ඔවුන් බොහෝ පිරිසක් බංග්ලාදේශයට පැන යන ලදි. මොවුන් දේශපාලන අස්ථාවරවීම් හේතුවෙන් පීඩාවට පත් ජනවාර්ගික සුළුතරයකි.

අරකන් හමුදාව හා පාලක ආණ්ඩුවේ හමුදාවන් අතර ඇති වූ ප්‍රහාර හේතුවෙන් රඛයින් ප්‍රාන්තයේ ගැටුම් ඇති වී ඇති වී ඇති අතර සිවිල් ප්‍රජාවට එරෙහිව සිදුවන හිස ගසා දැමීම, ගිනි තැබීම, දේපල විනාශ කිරීම් හේතුවෙන් විශාල පිරිසක් අවතැන්ව ඇති අතර මෙම ප්‍රචණ්ඩත්වයන් හේතුවෙන් මිය ගිය පිරිස කොතරම් දැයි නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ප්‍රකාශිකා එලිසබෙත් ත්‍රෝසල් ඇස්තමේන්තු කර ඇති පරිදි 45,000 රෝහින්ග්‍යාවරු ආරක්ෂාව පතා බංග්ලාදේශ දේශසීමාව අසල නාෆ් ගඟේ ප්‍රදේශයකට පලා ගොස් ඇති අතර ඇය මෙහිදී ජාත්‍යන්තර නීතියට අනුව සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටියාය.

නමුත් මේ සම්බන්ධයෙන් බංග්ලාදේශයේ වාර්තාවන් සඳහන් කෙරෙන්නේ, මිලියනයකට වඩා රෝහින්ග්‍යාවරුන් දැනටමත් රට තුළ සිටින බැවින්, රජය තවත් රැගෙන යාමට මැලිකමක් දක්වන බවත්, නවතම සරණාගතයින් දේශසීමාවේ මියන්මාර පැත්තේ සිරවී සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හින්ද් රජාබ්ගේ ඛේදවාචකය …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ජාත්‍යන්තර නීතිය සහ...

WNBA Finals හි Atlanta Dream ලැබූ පෙරළිකාර ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : 2026 WNBA අවසන්...

මහ බැංකු අධිපතිගේ විශ්වාසය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : වසර අවසන් වන...

ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට ක්‍රිකට් දඩ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...