මාවනැල්ලේ පෙරහැර අවසානයේ ඇතෙක් කුලප්පු වෙයි. ඇත්ගොව්වාට බරපතළ තුවාල !

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (25) රාත්‍රියේ මාවනැල්ල නගරයේ පැවති වෙසක් පෙරහැර අවසන් වීමෙන් පසුව එහි ගමන් ගත් ඇතෙකු කුලප්පු වී තිබේ.

ඊයේ රාත්‍රී 08.00 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී ඇතාගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඇත්ගොව්වා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ කුලප්පු වී ඇත්තේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් “රාජා” නම් ඇතෙකු බව සඳහන්.

කුලප්පු වූ ඇතා මාවනැල්ල නගරයට පැමිණ ඇති අතර දැඩි පරිශ්‍රමයකින් අනතුරුව විශේෂ ආරක්ෂාවක් යටතේ ඇතාව මාවනැල්ල පොල භූමියේ රඳවා තැබීමට කටයුතු කර ඇති බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...