*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” ස්මාර්ට් පන්ති කාමර පරිත්‍යාග වැඩසටහන 200 කඩඉම පසුකරයි (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

දැයේ දුවාදරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය ඉහළ නැංවීමේ සහ අධ්‍යාපනය නවීකරණය කිරීමේ අරමුණින් යුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සක්වල” සුහුරු පන්ති කාමර පරිත්‍යාග වැඩසටහනේ 200 වැනි අදියර ඊයේ (25) ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව ඊයේ දිනයේදී අනුරාධපුර, කැකිරාව, පලාගල, මානේරුව මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි සිදුවිය.

මෙම සුහුරු පන්ති කාමරයේ වටිනාකම රුපියල් 1,177,000 ක් වේ. මෙහිදී එම පාසලේ අඩුපාඩු සම්පූර්ණ කරගැනීම සඳහා පාසල් සංවර්ධන අරමුදල රුපියල් 100,000ක මුදලක් ද විපක්ෂ නායකවරයා අතින් පිරිනැමුණු අතර පාසලේ දරුදැරියන්ගේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය වැඩිදියුණු කිරීම උදෙසා වටිනා මළලසේකර ශබ්දකෝෂ පහක් ද පරිත්‍යාග කරන ලදී.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ පරිත්‍යාග කර ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 200ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2218ක් ද වැය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan