ඉන්දියාවේ විනෝද ක්‍රීඩා සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් 24 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි,මැයි 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(25)දිනයේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට්හි විනෝද ක්‍රීඩා සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් 24 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මරණ සංඛ්‍යාව ඉහල යනු ඇති බව විශ්වාස කරන අතර රාජ්කොට් පොලිස් කොමසාරිස් රාජු භාර්ගවා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, මේ වන විට සිරුරු 24 ක් සිවිල් රෝහල වෙත යවා ඇති අතර සමහර සිරුරු තවමත් ගොඩ ගනිමින් පවතින බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න හටගෙන ඇත්තේ කුඩා ළමුන් සහ තරුණයන්ගෙන් පිරී ඉතිරී ගිය අවස්ථා වක දිය. වින්දිත්යන්ගෙන් බහුතරයක් ළමුන් ලෙස සැලකෙන අතර ප්‍රාදේශීය පොලිසිය සඳහන් කර තිබුණේ, දැඩි ලෙස පිළිස්සුණු මළ සිරුරු හඳුනා ගැනීම දුෂ්කර වී ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි X වෙබ් අඩවියේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, සිද්ධිය සම්බන්ධයෙන් සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇන්කර් පිරිමි දරුවා, ඔබට සුබ ගමන් !

රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...

සෘජු විදේශ ආයෝජන අඩු වෙමින් පැවතීම රටට අහිතකර ලෙස බලපෑම් රැසක් එල්ල කරාවි – විපක්ෂ නායක සජිත්

බංකොළොත්භාවයෙන් ගොඩ එන අප රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක්...