ඉන්දියාවේ විනෝද ක්‍රීඩා සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් 24 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(25)දිනයේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට්හි විනෝද ක්‍රීඩා සංකීර්ණයක ඇති වූ ගින්නක් හේතුවෙන් අවම වශයෙන් 24 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මරණ සංඛ්‍යාව ඉහල යනු ඇති බව විශ්වාස කරන අතර රාජ්කොට් පොලිස් කොමසාරිස් රාජු භාර්ගවා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, මේ වන විට සිරුරු 24 ක් සිවිල් රෝහල වෙත යවා ඇති අතර සමහර සිරුරු තවමත් ගොඩ ගනිමින් පවතින බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න හටගෙන ඇත්තේ කුඩා ළමුන් සහ තරුණයන්ගෙන් පිරී ඉතිරී ගිය අවස්ථා වක දිය. වින්දිත්යන්ගෙන් බහුතරයක් ළමුන් ලෙස සැලකෙන අතර ප්‍රාදේශීය පොලිසිය සඳහන් කර තිබුණේ, දැඩි ලෙස පිළිස්සුණු මළ සිරුරු හඳුනා ගැනීම දුෂ්කර වී ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි X වෙබ් අඩවියේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, සිද්ධිය සම්බන්ධයෙන් සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්ලින්ටන්, ඇන්ඩෲ සහ මයිකල් ජැක්සන්ගේ ඡායාරූප ඇතුළුව එප්ස්ටයින් ලිපිගොනු දහස් ගණනක් නිකුත් කෙරේ,

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ...

අල්මාරියේ තිබුන මගේ බැංකු පොත කෝ …?

තාත්තාට දෙවුදත්ව වැහිලා බුදුන්ගෙන් පළිගන්න හවසටචීත්තේට මන් තුරුල් කරගෙන...

වම්මුන්ගේ පැලැස්තර : “වාම රාජ්‍ය” ෆැන්ටසියක්ද, යථාර්ථයක්ද ?

ඕනෑම මිනිස් සමාජයක් තුල ස්වභාවිකවම පිළිසිඳගන්න අනිවාර්ය මනෝව්‍යාධීන් කිහිපයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...