යාපනයට අස්වැසුම!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 26, කොළඹ (LNW): උතුරු පළාතේ ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත නොවී රජයේ සුබ සාධන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට සහයෝගය දැක්වීම හේතුවෙන්, අස්වැසුම දෙවන අදියර උතුරු පළාතෙන් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශය අවධානය යොමුකර ඇත.

දිවයිනේ පළාත් රැසක ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බැවින් අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට සම්බන්ධ නොවී සිටින බව වාර්තා වන අතර, අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත් එවන ලද අයගේ තොරතුරු සොයා බැලීම ආදී කටයුතුවලින් ග්‍රාම නිලධාරීන් මේ වනවිට ඉවත්වී සිටිති.

සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුමක් ලැබෙන තුරු රජයේ සහනාධාර වැඩපිළිවෙළට සම්බන්ධ නොවන බව ග්‍රාම නිලධාරීන් කියා සිටින අතර, අස්වැසුම දෙවැනි අදියර යටතේ අයැදුම්පත් ලක්ෂ හතර හමාරක් ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභය පවුල් ලක්ෂ විසිහතරකට ලබාදීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...