තායිවාන ජනාධිපතිවරයා චීනය සමඟ සාකච්ජා සඳහා ඉදිරිපත් වේ

සටහන: සශිකලා මධුෂාණි,මැයි 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය විසින් තායිවානය ආසන්නයේ සිදු කරන ලද දින දෙකක යුධ අභ්‍යාස වලින් අනතුරුව අන්‍යෝන්‍ය අවබෝධය සහ සංහිඳියාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව පවසමින් තායිවාන නව ජනාධිපති ලායි චිං-ටේ චීනය සමඟ සාකච්ජා සඳහා ඉදිරිපත්ව තිබේ.

තායිවාන ජනාධිපතිවරයා බලයට පත්වී කරන ලද මංගල කතාවේදී සමුද්‍ර සන්ධියේ දෙපැත්ත එකිනෙකාට යටත් නොවන බවට කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් කෝපයට පත් චීනය තායිවානය වටා දඬුවම් අභ්‍යාස දියත් කරන ලදී. තායිවානය තමන්ගේම භූමියක් ලෙස සලකන චීනය මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කර තිබු අතර තායිවාන ජනාධිපතිවරයා බෙදුම් වාදියෙකු ලෙස සඳහන් කර තිබිණ.

ලායි බීජිංහි ස්වෛරීත්වය ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ගේ අනාගතය තීරණය කළ හැක්කේ තායිවානයේ ජනතාවට පමණක් බව පවසයි. ලායි ජනවාරි මාසයේ මැතිවරණයෙන් ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රකාශ කර තිබුණේ, හුවමාරු සහ සහයෝගීතාවය හරහා චීනය සමඟ අන්‍යෝන්‍ය අවබෝධය සහ ප්‍රතිසන්ධානය වැඩි දියුණු කිරීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ඇති කිරීම සහ සාමය සහ පොදු සමෘද්ධිය කරා ගමන් කිරීම අපේක්ෂා කරන බවයි. කෙසේ නමුත් ඔහු නැවත නැවතත් සාකච්ඡා සඳහා ඉදිරිපත් වන නමුත් චීන එය ප්‍රතික්ෂේප කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෘජු විදේශ ආයෝජන අඩු වෙමින් පැවතීම රටට අහිතකර ලෙස බලපෑම් රැසක් එල්ල කරාවි – විපක්ෂ නායක සජිත්

බංකොළොත්භාවයෙන් ගොඩ එන අප රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක්...

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...