තායිවාන ජනාධිපතිවරයා චීනය සමඟ සාකච්ජා සඳහා ඉදිරිපත් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 26,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය විසින් තායිවානය ආසන්නයේ සිදු කරන ලද දින දෙකක යුධ අභ්‍යාස වලින් අනතුරුව අන්‍යෝන්‍ය අවබෝධය සහ සංහිඳියාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව පවසමින් තායිවාන නව ජනාධිපති ලායි චිං-ටේ චීනය සමඟ සාකච්ජා සඳහා ඉදිරිපත්ව තිබේ.

තායිවාන ජනාධිපතිවරයා බලයට පත්වී කරන ලද මංගල කතාවේදී සමුද්‍ර සන්ධියේ දෙපැත්ත එකිනෙකාට යටත් නොවන බවට කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් කෝපයට පත් චීනය තායිවානය වටා දඬුවම් අභ්‍යාස දියත් කරන ලදී. තායිවානය තමන්ගේම භූමියක් ලෙස සලකන චීනය මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කර තිබු අතර තායිවාන ජනාධිපතිවරයා බෙදුම් වාදියෙකු ලෙස සඳහන් කර තිබිණ.

ලායි බීජිංහි ස්වෛරීත්වය ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ගේ අනාගතය තීරණය කළ හැක්කේ තායිවානයේ ජනතාවට පමණක් බව පවසයි. ලායි ජනවාරි මාසයේ මැතිවරණයෙන් ජයග්‍රහණයෙන් අනතුරුව ප්‍රකාශ කර තිබුණේ, හුවමාරු සහ සහයෝගීතාවය හරහා චීනය සමඟ අන්‍යෝන්‍ය අවබෝධය සහ ප්‍රතිසන්ධානය වැඩි දියුණු කිරීම, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ඇති කිරීම සහ සාමය සහ පොදු සමෘද්ධිය කරා ගමන් කිරීම අපේක්ෂා කරන බවයි. කෙසේ නමුත් ඔහු නැවත නැවතත් සාකච්ඡා සඳහා ඉදිරිපත් වන නමුත් චීන එය ප්‍රතික්ෂේප කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...