හදුන්නෙත්තිලගේ ආර්ථික කමිටුව එක්ක බලද්දී අපිට ඉන්නේ සුපිරි බුලට් තුනක් – අජිත් පී පෙරේරා

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 26, කොළඹ (LNW): ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ සසඳා බැලීමේදී සමගි ජනබලවේගය නියෝජනය කරන ආර්ථික කමිටුවේ සාමාජිකයින් ජාත්‍යන්තරය පාවා පිළිගන්නා වියතුන් සහ වෘත්තිකයින් බව එම පක්ෂයේ ප්‍රධාන විධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

අජිත් පී පෙරේරා මහතා පවසන්නේ, ආචාර්ය හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සමගි ජනබලවේගය පක්ෂයේ ආර්ථික කමිටුව නියෝජනය කරන බවයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර ,එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ මුදල් අමාත්‍ය ධුරයට පත් කෙරෙන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බවත්, මෑතකදී සමගි ජනබලවේගය සමඟ එක්වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙතෙක් එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවයි.

සමගි ජනබලවේගය සමඟ විවාද කිරීමට පැමිණෙන බව පවසන ජාතික ජනබලවේගය පක්ෂයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පිරිසට මෙතෙක් ආර්ථිකය සම්බන්ධ පොදු ප්‍රතිපත්තියක් නොමැති බවද අජිත් පී පෙරේරා මහතා මෙහිදී සඳහන් කර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...