පාණ්ඩ්‍යාගේ අසුභ කාලයයි මේ!

සටහන – පුන්සරා ලියනගේ

මැයි 26, කොළඹ (LNW):ඉන්දියානු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ දික්කසාදය සම්බන්ධයෙන් කටකතා රාශියක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා ආන්දෝලනයක් ඇතිකර තිබේ. ඒ ඔහුගේ බිරිඳ නටාෂා සමඟ තිබූ කසාද ජීවිතයට තිතක් තැබීමටය.

පාණ්ඩ්‍යා සතු දේපළවලින් 70%ක් නටාෂාට හිමිවීමට නියමිත වන අතර  ඔවුන්ගේ වෙන්වීමේ කටකතාව මේ වන විට තරමක් ප්‍රබල ලෙස පෙනේ. 

පාණ්ඩ්‍යාගේ බිරිඳ පළමු  IPL තරඟයේ සිට ඔහුගේ අවසාන තරඟය දක්වා පැමිණ සිටි අයෙක් වූවත් මෙවර කිසිදු IPL තරඟයකදී ඔහුට සහාය වීමට පැමිණියේ නැත. 

Instagram හි ඔවුන්ගේ එකට සිටි ඡායාරූප මකා දමා ඇති අතර පාණ්ඩ්‍යා නටාෂාගේ උපන්දිනයට සමාජ මාධ්‍යවල සුබ පැතුම් පණිවිඩ ද එක් කළේ නැත. 

පාණ්ඩ්‍යා යනු ශූර IPL කණ්ඩායමක නායකයෙක්, ඉන්දියාවේ උප නායකයෙක්, ප්‍රකෝටිපතියෙක් මෙන්ම ලස්සන බිරිඳක් සහ දරුවෙක් සතුව සිටි වාසනාවන්ත මිනිසෙකි.

නමුත් ඇසිපිය හෙළීමකින් සියල්ල වෙනස් කිරීමට වසරකටත් අඩු කාලයක් ගත වී සියල්ල මේ වන විට කණපිට හැරී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...