දිලිත්,ගම්මන්පිල,විමල් සන්ධානගත වෙයි – පොහොට්ටුවේ අලුත් වර්ෂන් එකද?

කොළඹ LNW: එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවා ගනු ලැබීය.

ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ගිවිසුම්ගත වී තිබේ.

එම දේශපාලන ව්‍යාපාරයට අදාළ ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තබා ඇත.

මෙම නව සන්ධානය හරහා දිලිත් ජයවීර, උදය ගම්මන්පිල,විමල් විරවංශ,ඩිව් ගුණසේකර,වාසුදේව නානායක්කාර,චන්න ජයසුමන ඇතුළු මේ වන විට පොහොට්ටුවෙන් එළියට පැමිණ සිටින කණ්ඩායම්වල එකතුවක් සිදුව තිබෙන බව පෙනෙන්නට ඇත.

මෙම සන්ධානයේ විශේෂත්වය එය ලෙස දැක්විය හැකියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...