ලොවම ඩිස්නියෙන් කුල්මත් කළ Richard M Sherman දිවියෙන් සමුගනී!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 27 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් කුල්මත් කළ නිර්මාණකරුවෙකු වන ඩිස්නි චිත්‍රපට සඳහා ගීත රචනා කළ Richard M Sherman අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

ඔහු මිය යන විට 95 වන වියේහි පසුවූ අතර , වියපත් බාවය නිසා ඇති වූ රෝගී තත්ත්වයක් මත ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

Richard M Sherman ඔහුගේ සහෝදරයා වන රොබට් ෂර්මන් සමග ඩිස්නිහි ගීත 150කට වැඩි ප්‍රමාණයක් රචනා කර තිබෙන බව සඳහන් වේ.

මේරි පොපින්ස් නම් ඩිස්නි චිත්‍රපටය සදහා ෂර්මන් සහෝදරයන් නිර්මාණය කළ ගීත සදහා ඔස්කා සම්මාන ද හිමිවී ඇත.

ඔහුගේ නිර්මාණ අතර ජංගල් බුක් චිත්‍රපටයේ ගීතය සහ චිටි චිටි බැන්ග් බැන්ග් චිත්‍රපටයේ ගීත ප්‍රධාන වේ.

ෂර්මන් සහෝදරයින්ට මෙම ගීත නිර්මාණ වෙනුවෙන් එක්සත් ජනපද කලා පදක්කම ද 2008 වසරේ දී හිමිවී තිබුණි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...