සටහන – රෂිකා හෙන්නායක
මැයි 27, කොළඹ (LNW): අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් පළායෑමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ජුනි මස 6 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙන බව සඳහන් වේ.
අද (27) දින මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබූ බව වාර්තා වේ.