ශ්‍රීලනිපය මම සුද්ද කරනවා – ඇමති විජයදාස

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින වංචනිකයන් හා දූෂිතයන් පන්නා දමා ඉදිරියේ දී තමන් විසින් පක්ෂය පිරිසිදු කරන බව එහි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයේ සභාපති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

පක්ෂ නායකත්වය තමන් භාර ගැනීමෙන් පසු බොහෝ දෙනෙකු කලබල වී සිටින බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

“දේශපාලන පක්ෂ කාටවත්ම අධිකරණ අස්සේ හිර කරන්න බැහැ. මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන වචනයක්වත් නොකියපු බොහෝ දෙනා මම නායකත්වය භාර ගත්තට පස්සේ හුඟක් බය වෙලා දඟලනවා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ 99%ක පිරිසක් ඒ වගකීම මට භාරදීලා තියෙන්නේ. විශේෂයෙන්ම ඒ අයට අවශ්‍යයි මේ පක්ෂය සුද්ධ කරන්න. කාලාන්තරයක් තිස්සේ අල්ලස් කොමිස් ගනිමින්, පගා ගහමින් පක්ෂයේ තනතුරු නාමය භාවිත කරමින් නොයෙකුත් දූෂිත වැඩ කරමින් මේ පක්ෂය කාබාසිනියා කළ කණ්ඩායම මෙතැනින් ඉවත් කරලා දෙන්න කියලා තමයි මගෙන් පාක්ෂිකයෝ ඉල්ලන්නේ.
ඒ වගකීම මම භාර ගත්තා. ඉදිරියේදී වංචනිකයෝ, දූෂිතයෝ ටික නෙරපා දමා පිරිසුදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නිර්මාණය කරනවා.”

මැතිවරණවලදී අධිකරණ දෙන කුමන නියෝග තිබුණත් මැතිවරණවලට තරඟ කරන විට ජයග්‍රහණය සඳහා අපි ඉදිරියට කටයුතු කරමින් යනවා යනුවෙන් රාජපක්ෂ මහතා තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව විශාල පිරිසක් පෙනී සිටිනවා – අකිල

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින...

සුළු සුළු දේවල්වලට නම් හිරේ දාන එක වැරදියි!

කොළඹ LNW:සුළු සුළු කාරණා මත, දේශපාලන නායකයන් අල්ලා හිරේ...

රනිල් වෙනුවෙන් විපක්ෂයේ නියෝජිතයින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට...

අරෝෂ 72 – 102 දක්වා ඉහළ නංවයි!

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...