දිලිත් – විමල් අලුත් සන්ධානයෙන් ජනාධිපතිවරණයට කාන්තාවක් ?

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සහ විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් උත්තර ලංකා සභාගයේ නායකයින් පිරිසක් එකතු වෙලා “සර්වජන බලය” නමින් අලුත් සන්ධානයකට ඊයේ (27) ගිවිසුම් අත්සන් කළා.

මේ කට්ටිය ගත්තාම, මුලදී දිලිත් ජයවීර ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හැටියට මව්බිම ජනතා පක්ෂයෙන් ඉදිරිපත් වෙන බවත් විමල් වීරවංශ උත්තර ලංකා සභාගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙන බවත් තමයි කියාගෙන හිටියේ.

නමුත් දැන් සන්ධානගත වීම ඇතුළේ මේ ජනාධිපති අපේක්ෂකයින් දෙන්නාම වැඩේ හකුළාගෙන ලු. වීරවංශගේ අපේක්ෂකත්වය කෙසේවෙතත් දිලිත්ගේ අපේක්ෂකත්වය නම් සමහරු හොඳටෝම සීරියස් අරගෙන හිටියේ. කොහොමහරි දැන් තත්වය වෙනස් වෙලා ලු.

ඒ අනුව, සර්වජන බලය සන්ධානයේ අපේක්ෂකයා හැටියට කාන්තාවක් ඉදිරිපත් කරන්න යෝජනා වෙලා කියලායි දැන් ආරංචි.

කතාව පැතිරෙන විදියට නම් මේ අය අපේක්ෂිකාව හැටියට ගේන්න යන්නේ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ලු.

අනුරාධා යහම්පත් කියන්නේ දේශහිතෛශී ජාතික ව්‍යාපාරය ඇතුළු ජාතිකවාදී සංවිධාන එක්ක කාලයක් තිස්සේ සමීපව දේශපාලනය කරලා, ගෝඨාභය රාජපක්ෂගේ වියත්මග සංවිධානය එක්කත් වැඩකරලා, ඒ හරහා ආණ්ඩුකාර තනතුරකට ආපු දේශපාලන චරිතයක්. ඒ වගේම ඇය ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක්. ඒ නිසා විමල්ලාගෙ “ජාතිකවාදී” ප්‍රොජෙක්ට් එකට වගේම දිලිත්ගේ “ව්‍යවසායකත්ව” ප්‍රොජෙක්ට් එකටත් ඇය හොඳටම ගැලපෙනවා.

තවමත් මේවා දේශපාලන කරළියේ කටකතා මට්ටමේ තමයි තියෙන්නේ. නමුත් ඉක්මනින්ම ඇත්ත නැත්ත දැනගන්න ලැබේවි. බලන් ඉන්නයි තියෙන්නේ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...