‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ – චම්පික මහ සමුළුවක් කැඳවයි!

Date:

කොළඹ LNW:එක්සත් ජනරජ පෙරමුණේ ”දේශය වෙනුවෙන් එක්වන පියවරක්” ජනරජ ජාතික මහ සමුළුව 2024 ජූනි 01 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ප.ව. 3.00 ට පැවැත්වීමට නියමිතයි.

රට වැටුණු තැනින් ගොඩ ගෙන නගා සිටුවීම උදෙසා වූ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ පදනම් කර ගනිමින් සියළු දේශපාලන සහ සමාජ බලවේග එක් කොට දේශපාලන බලයක් ගොඩ නගමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය බලය කරා ගමන් කිරීම ජනරජ පෙරමුණේ අභිලාෂය බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ඒ වෙනුවෙනුයි මෙම මහා සමුළුව සංවිධානය කර ඇත්තේ.

”ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් පූර්ණ වශයෙන් නිදහස ලබා ගන්නේ 1972 මැයි 22 වෙනිදා ය. ඒ මින් වසර 52 කට පෙර ය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ‘ජනරජය’ බිහිවන්නේ ඒ අනුව ය. ඉන් වසර 51 කට පසු ‘එක්සත් ජනරජ පෙරමුණ’ බිහි වන්නේ සැබෑ ජනරජයක් අප හට බිහිකර දීමට කිසිදු දේශපාලන කඳවුරකට මෙතෙක් හැකි නොවූ නිසා ය. සෞභාග්‍යමත් ජනරජයක, සාඩම්බර පුරවැසියන් ලෙස දිවි ගෙවීම සඳහා විවිධ දේශපාලන, පක්ෂ, පාට, පුද්ගලයන් වෙත බලය ලබා දීමෙන් ඵලක් නොමැති බව පසක් වීම හේතුවෙනි. පුරවැසියන්ගේ කුසලතාවට මුල් තැන දී ශ්‍රී ලාංකිකයන් ආර්ථිකමය, සමාජීය, සංස්කෘතික හා තාක්ෂණික වශයෙන් බල ගැන්වීම තුළින් තිරසර, බලසම්පන්න ‘ශ්‍රී ලංකා ජනරජයක්’ ගොඩ නැගීම අපේ දැක්ම ය. එවන් මහා යුග පෙරළියක් සිදු කිරීමේ ශක්‍යතාවකින් යුත්, විවේචනය හා උපදෙස්වලින් ඔබ්බට ගොස් පවතින පාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉදිරිගාමී, පළපුරුද්ද සහ කළපුරුද්ද සහිත දැක්මක්, දැනුමක්, විචාර බුද්ධියක් සහිත, රටට ම පිළිගත හැකි නායකයෙක් ‘ජනරජ පෙරමුණ’ සතු ව සිටී.

අද වන විට ශ්‍රී ලංකාව සහ එහි ජනතාව බංකොළොත් බවට පත් කොට තිබේ. අපේ රට බංකොලොත් වීමත් සමඟම ඔබේ ජීවිත ද බංකොලොත් විය. ඔබේ ආදායම අඩුවී ඇත. කෑම බිම මිල අහස උසට ගොසිනි. බේත්හේත් මිල ඊට නොදෙවෙනිය. විදුලි හා ජල බිල දරාගත නොහැක. දරුවන්ට පොත්පත්, ඇඳුම් පැළඳුම් රැගෙන දෙන්නේ කෙසේදැයි සිතීමටවත් බැරිය. ඒ සියල්ල අතරතුර රජය සහගහන බදු බරක් ජනතාව පිට පටවයි. මේ සියල්ලට වගකිවයුත්තේ සාධාරණ ලෙස රැකියාවක් කර ජීවත් වූ ඔබ නොවේ. රට මංකොල්ල කෑ, රටේ සම්පත් තමන්ගේ පුද්ගලික දේපොළ සේ අවභාවිතා කල, රටේ දියුණුව ගැන හෝ ඔබේ යහපත ගැන නොසිතූ පිරිසයි. මේ අයට නිසි දඬුවම් ලබාදිය යුතුමය. එසේ දඬුවම් ලබාදුන් පමණින් ඔබේ ජිවිත සුඛිත මුඛිත වේ යැයි සිතීමද අනුවණ කමකි. දැන් අවශ්‍ය වන්නේ ජිවන බරින් මිරිකී සිටින ඔබේ දුක නිවන වැඩපිළිවෙලකි.

ඒ වෙනුවෙන් 2024 පෙබරවාරි 14 වෙනිදා එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කරන්නේ ජීවන බරින් මිරිකී සිටින ජන දුක නිවන වැඩපිළිවෙළකි. ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ නම් වූ එම වැඩපිළිවෙළ වෙනුවෙන් සියළුම දේශපාලන පක්ෂ, සංවිධාන සහ පොදු මහජනතාව එක් කරගැනීම සඳහා වූ ප්‍රයත්නය 2024 ජූනි 01 වෙනිදා මුළු දෙන එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුවෙහි තේමාව වන්නේ ඒ අනුව ය…!” යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණ වැඩිදුරටත් පවසා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...