කල් යෑමක් නෑ.නියමිත කාලයේදී ජනාධිපතිවරණය පැවැත්වෙනවා – ලන්සා

Date:

කොළඹ LNW:ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ අනිවාර්යයෙන් පැවැත්වෙනු ඇති බවත් එය කල් දැමීමට රජයේ කිසිදු අදහසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පැවසීය.

මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි නිමල් ලාන්සා මහතා මේ බව කියා සිටියේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් ජනාධිපතිවරණය නියමිත කාල සීමාවේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහතික වී තිබෙන අතර එය රජයේද ස්ථාවරය බවයි ඔහු පවසන්නේ.

ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය වසර දෙකකින් කල් දැමීමට යෝජනා ඉදිරිපත් කිරීම හෝ ඒ පිළිබදව ඕනෑම මතයක් ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශවයන්ට හැකි බවත් එය ඒ අයගේ පෞද්ගලික මතය මිස රජයේ ස්ථාවරය නොවන බවද ලන්සා මහතා සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නියමිත කාල සීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම මැතිවරණ කොමිසමේ වගකීම බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...