පරාජයේ ධන ලකුණු

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 29, කොළඹ (LNW): ශ්‍රී ලංකාව ලෝක කුසලානයට පෙරාතුව සහභාගි වූ පළමු පුහුණු තරගය පරාජය විය.එයින් ලෝක කුසලානයට බිඳුවකවත් හානියක් නොවුණ ද,වෙනත් බොහෝ ඇරියස් පිට කිරීමට මේ පරාජය හොඳ ඉඩක් සකසමින් තිබෙන බව දැනෙන්නට තිබේ.ඒත් එය දිනුවානම් අප වුව ද,මිට වඩා සතුටට පත්වෙන බව ඇත්තක්ය.දිනන්නට තිබුණු තරගයක් බව ද මේ පරාජිත තරගය ගැන කිව හැකිය.එයින් අදහස් කරන්නේ නෙදර්ලන්තයට විහින් පැරදුණා වැනි එකක් නොවේය.ඒත් තුරුම්පු හංගා ගෙන වෙනත් වාසිවලින් ගොඩ යන්නට ගත් උත්සාහය වැරදිණි.


තුරුම්පු ලෙස නම් කරන්නේ විශේෂයෙන්ම මහේෂ් තීක්ෂණ සහ නායක වනිදු හසරංග පන්දු යැවීමට එකතු නොවීමය.අට දෙනෙකු පන්දු යැව්වද එක ඕවරයක්වක් යවන්නට වනිඳු හෝ තීක්ෂණ පැමිණියේ නැත.පුහුණු තරගවට වඩා ශ්‍රී ලංකාව තරගාවලිය තුළ සිඳු විය යුතු දේ වෙනුවෙන් පරාජය වුව ද,පුහුණු තරගයට හොඳ මේ සැළසුම බව තීරණය කළා විය හැකිය.


පැවත්වෙන තරගවලදී තේරීම් කමිටු සභාපති උපුල් තරංග පැවසූ පරිදි මෙම තණතීරු විශාල ලකුණු ගණනකට හිතකර තත්ත්වයක නොමැති බවක් පෙනෙන්නට ඇත.එවැනි තත්ත්වයක නෙතර්ලන්තය ලද ලකුණු 181 හොඳ ලකුණු ප්‍රමාණයක්ය.ඒ සඳහා වනිදු සහ තීක්ෂණ පන්දු නොයැවීම සෘජුවම බලපෑ බව ඇත්ත වුව ද,තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන නුවන් තුෂාර සහ ඩිලාන් මධුශංක අසාර්ථක විම හොඳ දෙයක් නොවේය.නුවන් ට පන්දු ඕවර් 4 ට ලකුණු 48 ක් ලබා ගත් අතර,මධුශංක ලකුණු 39 ක් ලබා දී තිබිණ.


එම කාරණය ගැන සතුටු විය නොහැකි වුව ද,කණ්ඩායමේ සංයුතිය ගැන උපුල් තරංග දැක් වූ අදහස් අතර දඟ පන්දුවට මේ තණතිලි හිතවත් විය හැකිය යන අදහස ද මේ ප්‍රතිපලයෙන් ගම්‍ය විය.මේ ක්‍රීඩා පිටියේම ඉදිරියට පැවත්වෙන තරග වෙනුවෙන් මෙන්ම ලෝක කුසලානයේ දී නෙදර්ලන්තය තමන්ගේ කාණ්ඩයේ හමුවෙන්න නියමිතව සිටින නිසා දමේ තරගයේ පන්දු යැවීමේ තුරුම්පු සැඟවීම යනු සැබෑ සටන තෙක් පසුබැසීමක් ලෙස හැඳින්විය හැකි උපක්‍රමයක් විය හැකිය.එහෙත් තුරුම්පු සඟවා ගෙනත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය ජයගන්න උත්සාහ කළහ.ඇත්ත එයය.මන්ද කිසිම ආකාරයක තරගයක් පරදින්නට නොගසන බව ඇත්තය.
මේ පරාජය ගැන එහෙත් අසතුටු විය යුතු කරුණු කිහිපයක් ඇත.ඒ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය ය.පැතුම් නිශ්ශංක (05),කුසල් මෙණ්ඩිස් (4) සහ කමිඳු මෙණ්ඩිස් (05) මුල් කඩුලු තුන අසාර්ථක වීම පරාජයට තදින්ම බලපෑවේය.ඒ මුල් පිතිකරුවන් තිදෙනාය.ඒ නිසා හඹා යාම මන්දගාමී වීම නොවැළක්විය හැකි විය.ලකුණු 161 දි හ්‍රී ලංකාව නවතින්නට ඒ දුර්වලකමද බලපෑවේය.


එහෙත් මෙවැනි පුහුණු තරගයකින් ශ්‍රී ලංකාවේ හෝ නෙදර්ලන්තයේ ක්‍රිකට්වලට එකතු වෙන දෙයක් නැත.ක්‍රීඩකයින් අවස්ථාවේ හැටියට වෙනස් කරමින් පැවත්වෙන මෙවැනි තරගවලදී උත්සාහ කරන්නේ කණ්ඩායමේ සංයුතිය නිවැරදි රිද්මයට පැමිණීමට අවශ්‍යය පදකම සකසා ගැනීමය.ඒ නිසා මේ පරාජය ඇතුළේ තිබෙන ධන ලකුණු හඳුනාගෙන ඉදිර තරගවලදී කණ්ඩායම සකස්වෙනු ඇත.මුහුදට තව දුරය.ඒ නිසා මේ මොහොතේ ගැලවුණු අමුඩය ගැන පසුතැවී වැඩක් නැත.එය සකසා ගන්නට ඇති කාලය ගැන අවධානය යොමු කර යළි යළිත් ඉදිරියේ දිනන්නට ඇති මාර්ගය සකසා ගැනීම වගකීමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...