අප්‍රිකා කලාපය කොළරාවෙන් වැසෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 2 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රිකා කලාපය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි .ඒ කොලරා රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමගයි.

අයහපත් කාලගුණය / යුද ගැටුම් / සරණාගතයින් හා කොලරා රෝගයට එරෙහි එන්නත් ප්‍රමාණවත් තරම් නොලැබීම ආදී කරුණු හේතුවෙන් රෝගයේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වේ.

2021 වසරේ සිට මේ දක්වා කොලරා රෝගය හේතුවෙන් අප්‍රිකා කලාපය තුළ පුද්ගලයින් 6,000ට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමිවී තිබෙන බව පැවසෙන අතර, වාර්තා වී ඇති කොලරා ආසාදිතයින් සංඛ්‍යාව 350,000ට ආසන්න බව වාර්තා වේ.

කොලරා ව්‍යාප්තියෙන් අප්‍රිකා කලාපය තුළ වැඩිම බලපෑමක් එල්ලවී ඇති රටවල් ලෙස මලාව / සැම්බියා / සිම්බාබ්වේ / මොසැම්බික් / කෙන්යා / ඉතියෝපියා හා සෝමාලියාව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...