දිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 52.9 ඉක්මවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 30,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දිල්ලියේ ජාල හිගයක් මධ්‍යයේ උෂ්ණත්වය 52.9C (127.2F)වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ ඇති බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD)නිවේදනය කර තිබේ.

පසුගිය සතියේ සිට ඉන්දියාවේ විශාල ප්‍රදේශවලට තාප තරංග අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක වන නමුත් බදාදා ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) සඳහන් කර තිබුණේ, උෂ්ණත්වය බලාපොරොත්තු වූවාට වඩා සෙල්සියස් අංශක 9 ට වඩා වැඩිව ඇති බවයි.

පවතින උෂ්ණත්වය වෙනුවෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබා දී තිබු අතර විශේෂයෙන් ළමයින්ට, වැඩිහිටියන්ට සහ නිදන්ගත රෝග ඇති අයට තාපයේ බලපෑම අවධානම් සහගත වන බවත් සියලු වයස්වල උෂ්ණාධික රෝග සහ තාප ආඝාතය වීම අවධානම් සහගත වන බවයි. එමෙන්ම ගෘහස්ථව රැඳී සිටින ලෙසත් සැහැල්ලු, ලිහිල් කපු ඇඳුම් ඇඳීමටත් ජනතාවගෙන් ඉල්ලා ඇති අතර කම්කරුවන් සහ වෙළඳ කුටි වෙළෙන්දන් ඇතුළුව නගරයේ බොහෝ ශ්‍රම බලකායට අනුගමනය කිරීමට වෙනම උපදෙස් ද ලබා දී ඇත.

ජල අමාත්‍ය Atishi Marlena බදාදා ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙත ප්‍රකාශ කර තිබුණේ, ජාල හිගය විසඳීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...

උත්සව සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: අද (24) සිට...