නෞකාවක ඉන්ධන කාන්දුවක්,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නෞකාව සිය භාරයට ගනී!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 30 , කොළඹ (LNW): ඉන්ධන කාන්දුවක් සිදුවූ නෞකාවක් සිය භාරයට ගෙන ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. මෙම නෞකාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සිය යටතට ගෙන අත්තේ, කොළඹ වරායේ නැංගුරම්ලා තිබියදී බව පැවසේ.

අදාළ නෞකාවෙන් සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් එම නෞකාව අයත් සමාගමට සහ රක්ෂණ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පනත යටතේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන්දි මුදලක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගියදා කොළඹ වරායට පැමිණි ඉන්දීය සමාගමකට අයත් නෞකාවකින් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට තොරුතුරු වාර්තා වී තිබුණි.ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර ඇති අතර එහිදී හයිඩ්‍රොලික් තෙල් කාන්දුවීමක් නෞකාවෙන් සිදුවී ඇති බවට අනාවරණය කරගෙන ඇත.

නෞකාව අයත් සමාගම ද අදාළ වරද පිළිගෙන ඇති අතර ඒ සඳහා වන්දි මුදලක් ලබාදීමට එකඟතාව පළ‍කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය. එම ඉන්දීය නෞකාවේ කපිතාන්වරයාට රටින් පිටුවීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ. කොළඹ වරාය පොලීසිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම තහනම පනවා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 අයවැයෙන් දරුවන්ට වුණු පොරොන්දුව ඉටුකරන්න – නාමල් ජනපතිට ලියයි!

කොළඹ LNW:2027 අයවැයෙන් පාසල් දරුවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා...

ජිබුටි වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළී 109ක් මරුට – 116කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12 : පුද්ගලයන්...

බාල ගල් අඟුරුවලින් රටට කිසිම බරක් නෑ. කෝටි 122ක් වැඩිපුරත් ලැබිලා – හිටපු ඇමති කුමාර

2025/2026 ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සැපයුම්කරු විසින් ප්‍රමිතියෙන් තොර...

රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට යළිත් හූති ප්‍රහාරයක්! එක් අයෙකු මරුට, 11කට තුවාල(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12 : යේමනයේ...