මියන්මාරයට ගිය විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 30 , කොළඹ (LNW): පරිගණක අපරාධකරුවන් භාරයේ සිටින ලාංකික තරුණයින් බේරාගැනීමට මියන්මාරයට ගිය විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා ආරම්භ කළ බව පැවසේ.

2024.05.29 එනම් ඊයේ දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන නීතිඥ වසන්න යාපාබණ්ඩාර, ජේ.සී. අලවතුවල, සුජිත් සන්ජය පෙරේරා යන මන්ත්‍රීවරුන් මියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ පරිගණක අපරාධකරුවන් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 49 දෙනා බේරාගැනීම සඳහා මියන්මාරයේ යැංගුම් නුවර සිට කිලෝමීටර් 500ක් පමණ දුරින් Nay Pyi Taw නෙපිටෝ නුවර පිහිටා ඇති එරට විදේශ අමාත්‍යාංශයේ දී උදෑසන 11.30 ට සාකච්ඡා ආරම්භ කළ බව සඳහන් වේ.

ඒ සඳහා මියන්මාර අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් එරට විදේශ නියෝජ්‍ය අමාත්‍ය H.E.U. Than Swe මහතා ඇතුළු රාජතාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් සහභාගි වූ බවත්, එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂයෙන් මේ පිරිස බේරාදීමට අදාල රාජතාන්ත්‍රික කටයුතු කර දෙන මෙන් කරන ලද ඉල්ලීම ඇතුළත් සංදේශයක්ද භාරදෙන දුන් බව පැවසේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව නැවත යැංගුම් නුවර පිහිටි Shwe Dagon Pagoda මියන්මාර පන්සලේ වැඩවසන මියන්මාර ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ වන Thanlyin Min Kyaung Sayardaw නායක ස්වාමීන් වහන්සේ සමඟ ද මෙම අය බේරා ගැනීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කළ බවත්, එම ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී ලංකාවේ ත්‍රෛ නිකායික මහානායක ස්වාමිපාදයන් වහන්සේලාගේ අත්සනින් යුතු, මොවුන් බේරා ගැනීම සඳහා වන විශේෂ ඉල්ලීමක් ඇතුළත් සංදේශයක් බාරදීම ද සවස 07.30 ට යැංගුම් විහාරස්ථානයේදී සිදුවූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...

Fun Friday: ජේම්ස් බොන්ඩ් කතා මාලාවේ ඊළඟ පරිච්ඡේදය ගැන ඉඟියක්!

සෑම සිකුරාදා දිනකම “Fun Friday” තුළින් ඔබට Entertainment සතියක...

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...