රයිසී වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ උපහාරය ඇමරිකාව වර්ජනය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 30,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මේ මස මුලදී හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි වෙනුවෙන් එක්සත් ජාතීන් සංවිධානය කරන ලද උපහාරයක් ඇමරිකා එක්සත් ජනපදය විසින් වර්ජනය කරන බව වාර්තා වේ.

සාමාජිකයින් 193 දෙනෙකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සාම්ප්‍රදායිකව සිය සාමාජික රටක නායකයකු මියගිය අවස්ථාවක ඒ වෙනුවෙන් මොහොතක නිහැඬියාවක සිට උපහාර දක්වන අතර මෙවර එය ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් සිදුවන අවස්ථාවක එක්සත් ජනපදය කිසිම ආකාරයකින් සහභාගී නොවනු ඇති බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරානයේ ජනතාව සමඟ සිටිය යුතු අතර, ඔවුන්ගේ දශක ගණනාවක් පුරා පීඩකයා අනුස්මරණය නොකර සිටිය යුතු බවට සඳහන් කරමින් මෙම අවස්ථාව වර්ජනය කර තිබේ.

උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අනාගත අනුප්‍රාප්තිකයෙකු ලෙස සලකනු ලැබූ දැඩි මතධාරියෙකු වන රයිසි, මැයි 19 වන දින අසර්බයිජාන් දේශසීමාව අසල කඳුකරයේ අයහපත් කාලගුණය හේතුවෙන් හෙලිකොප්ටරය කඩා වැටි මිය යන ලදී.

රයිසී 1988 දී දේශපාලන සිරකරුවන් දහස් ගණනකගේ නීති විරෝධී ඝාතන ඇතුළු බොහෝ බිහිසුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට සම්බන්ධ බවට චෝදනා වේ. වාර්තාගතව ඇති දරුණුතම මානව හිමිකම් උල්ලංඝනයන් සමහරක්, විශේෂයෙන්ම ඉරානයේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව, ඔහුගේ පාලන සමයේදී සිදු ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update:අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලද ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට!

කොළඹ LNW:අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමෙන්...

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...